Saturday, January 25, 2020

Led බුදු පහන් පරිපථය...


මෙම Led බුදු පහන් පරිපථයට අඩංගු Led බල්බ ගණන 5 කි. මේ සදහා ඕනෑම වර්ණයක සාමාන්‍ය Led බල්බ ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔබගේ අභිමතය පරිදි,සාමාන්‍ය Led බල්බ අතරට Automatic Led බල්බත් යොදා ගත හැකිවනවා. ඒ වාගේම, සාමාන්‍ය අවස්ථාවේදී,සුදු පැහැයෙන් දිස්වන,දැල්වූ විට අදාල වර්ණයෙන් දැල්වෙන Led බල්බවල එලිය විහිදී යමක් නොවී එකම තැනකට Spot වන නිසා එම බල්බ මේ සදහා යොදා නොගත යුතුයි. බුදු පහනේ අලංකාරය වැඩි කර ගැනීම සදහා, සාමාන්‍ය අවස්ථාවේදීත්,දැල්වෙන අවස්ථාවේදීත්,එකම වර්ණයෙන් දිස්වන Led බල්බ මේ සදහා භාවිතා කරන්න.

පහතින් ඉදිරිපත් කර ඇති එම පරිපථයේ, ඍජුකරන ක්‍රියාවලිය සදහා IN 4007Rectifier 04 ක්  භාවිතා කර ඇති අතර, 4 x IN 4007 ලෙස පරිපථයේ සදහන්ව ඇත්තේ එයයි.

මෙම බුදු පහන සදහා Led බක්බ 5 ට වඩා යෙදීමට ඔබට අවශ්‍ය නම් පරිපතයේ සදහන්ව ඇති R2  රෙසිස්ටරය සදහා 470 ඕම්ස් වලට වඩා අඩු අගයක රෙසිස්ටරයක්  යොදාගන්න. මෙම පරිපථයට අවශ්‍ය සියලුම උපාංග ඕනෑම සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග වෙළද සැල් වලින් ලබාගත හැකි අතර, බල්බයේ හවුසින් එක පිටකොටුවේ පළමු හරස් විදියේ, පිහිටි අංක 88 ගොඩනැගිල්ලේ වෙළද සැල් වලින් ලබාගත හැක. එහි ඇති එක ආයතනයක ලිපිනය මා පහතින් ඉදිරිපත් කර ඇත.



Bright Electronics,
No.88-28 Electronic Plaza,
(Opposite Peoples Bank),
1st. Cross Street,
Colombo 11.

Tel. 011 2335780, 0777 663069