නත්තල් උත්සවයේ සහ වෙනත් ඕනෑම උත්සව අවස්ථාවක, විදුලි ආලෝක සැරසිලි සදහා යොදා ගත හැකි Led ආලෝක රටා පරිපථයක් පහත ඉදිරිපත්කර තිබෙනවා. CD 4017 Counter IC උපාංගයක් සහ NE 555 Timer IC උපාංගයක් යොදා ගනිමින් මෙම පරිපථය නිර්මාණය කර තිබෙන අතර, පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 වනවා. මෙම පරිපථය සදහා Led 10 යොදාගෙන ඇති අතර, පරිපථයේ RV1 ලෙස පෙන්වා ඇති 10K Preset එක මගින් බල්බ දැල්වීමේ වේගය සකසා ගත හැක.

