ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ,Led Sound Level Indicator එකක් සාදාගත හැකි පරිපතයක්.ඔයාල දැකල ඇති , සමහර ඇම්ප්ලිෆයර්ස් වලත් සමහර Hifi Setup වලත් මෙවැනි Sound Level Indicators තිබෙන බව.ඉතින් දැන් ඔබටත් පුළුවන් මෙම Led Sound Level Indicator එක සාදලා ඔබගේ ඇම්ප්ලිෆයර් එකට සවි කර බලන්න. පාද 16 න් යුත් TA 7666P නැමති IC උපාංගය පාදක කොට ගෙන මෙම පරිපථය නිර්මාණය වෙලා තිබෙනවා.
මෙය Stereo Led Sound Level Indicator පරිපථයක්. එම නිසා තමයි පරිපථයේ Channel 1 සහ Channel 2 වශයෙන් In Put ස්ථාන දෙකක් තිබෙන්නේ.එම Channel 1 සහ Channel 2 වශයෙන් සදහන් ස්ථාන දෙක ඔබගේ ඇම්ප්ලිෆයරයේ Line In L සහ Line In R ස්ථානයට පිලිවෙලින් සවි කරන්න.එසේම මෙම පරිපථය සදහා 12v විදුලි බලයක් අවශ්‍ය වෙනවා.12v + යනුවෙන් සදහන් ස්ථානයට + විදුලියත්, Earth සලකුණ ඇති සෑම ස්ථානයක්ම එකට එකතු කර එම ස්ථානයට - විදුලියත් ලබා දෙන්න. ඉන්පසු ඇම්ප්ලිෆයරය ක්‍රියාත්මක කරන්න.එවිට ශබ්දයේ තීර්ව තාවය අනුව මෙම Led බල්බ දල්වෙනු ඇත.



