Ceiling Fan සදහා විශාල විදුලිය ප්‍රමාණයක් වැය වන බව ඔබ අපි කවුරුත් දන්නා කාරණයක්. අප Ceiling Fan එකක් උපරිම වේගයෙන් ක්‍රියාත්මක කලත්,අවම වේගයෙන් ක්‍රියාත්මක කලත්, සම්පුර්ණ විදුලිය ප්‍රමාණයම එයට වැය වනවා. Table Fan සදහා Table Fan එකේම Timer සවිකර තිබුනත් Ceiling Fan සදහා Timer වෙනම සවි කලයුතු වනවා. ගොඩක් දෙනා රාත්‍රියේ නින්දට යනවිට Ceiling Fan භාවිතා කරනවා.ඉතින් රාත්‍රියක් පුරාවටම Ceiling Fan සදහා වැයවන විදුලිය ප්‍රමාණය ගැන මම ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. අප නින්දට ගොස් විනාඩි 10 කින් හෝ 15 කින් පමණ Ceiling Fan එක ස්වයන්ක්‍රීයව නිවා දමන්නට හැකිනම් සැලකිය යුතු ප්‍රමාණයකින් අපගේ මාසික විදුලි බිල අඩු කරගන්න පුළුවන්. මෙම Ceiling Fan Timer පරිපථය මම පහතින් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම Ceiling Fan Timer පරිපථය, NE 555 IC උපාංගයකින් සමන්විත වන අතර, මෙම IC උපාංගය මිට පෙර පරිපත ගණනාවකම භාවිතා කල බව ඔබට මතක ඇති. මෙම පරිපථයේ ඇති S 1 නම් වූ ස්විචය, Press කරගෙන ඉන්නා විට පමණක් ON වන, අත්හල විට OFF වන ආකාරයේ Push to ON වර්ගයේ ස්විචයක් විය යුතයි. RL යනුවෙන් පරිපථයේ සදහන්ව ඇත්තේ 12v Relay උපාංගයක් වන අතර එහි ස්විචය හරහා Ceiling Fan එකට විදුලිය සපයන්න.
Push to ON Switch
පරිපථයේ VR 1 යනුවෙන් සදහන් වී ඇති, 10 Mega Ohms, Variable රෙසිස්ටරය මගින් Ceiling Fan එක ක්‍රියාත්මක විය යුතු කාලය සැකසිය හැක. එමගින් සැකසිය හැකි උපරිම කාලය විනාඩි 18 කි. පරිපථය සදහා 12v විදුලි බලයක් සැපයිය යුතු අතර S 1 ස්විචය Press කල විට Ceiling Fan එක ක්‍රියාත්මක වන අතර, ඔබ සකසා තැබූ කාලයේදී නැවත Ceiling Fan එක OFF වනු ඇත.
තවද මෙම Timer පරිපථය Ceiling Fan වලට අමතරව, ඔබගේ නිර්මාණශීලි හැකියාව මත, වතුර මෝටර් වැනි වෙනත් උපකරණ සදහා ද භාවිතා කල හැක.




