Saturday, February 10, 2018

වාහන සදහා Wireless රිවස් කැමරා පද්ධති සවිකිරීම...


ඉතින් මම කලින් ලිපියෙන්  ඉදිරිපත්කල රිවස් කැමරා පද්ධතියේ කැමරාව සහ මොනිටරය සම්බන්ධ කලේ Video Cable එකක් මාර්ගයෙන් කියල ඔබට මතක ඇති. නමුත්, දිනෙන් දිනම ඇතිවන තාක්ෂණයේ දියුණුවත් සමග, Wireless වාහන රිවස් කැමරා පද්ධතිත් දැන් වෙළද පොලට පැමිණ තිබෙනවා. මෙයත් ඉතාම සරල ක්‍රියාදාමයක්. මෙම ක්‍රමයේදීද  කැමරාවට සහ මොනිටරයට විදුලිය සැපයීමට වයර් භාවිතා කලත්, කැමරාවෙන් ලැබෙන දර්ශන මොනිටරය වෙත ගෙනයාමට වයර් භාවිතා වෙන්නේ නැහැ. කැමරාව සහ මොනිටරය සම්බන්ධ වන්නේ Radio Signal  මාර්ගයෙනි. මෙහිදී, කැමරාවේ දර්ශන විසුරුවාහැරීමට කැමරාවට, සවිකිරීමට Transmeter යුනිට් එකකුත්, එම දර්ශන ග්‍රහණය කරගැනීමට මොනිටරයට සවිකරන Receiver යුනිට් එකකුත් තිබෙනවා. කැමරාවට සවිවන Transmeter යුනිට් එක මම පහතින් ඉදිරිපත් කර ඇත.


මෙම Transmeter යුනිට් එකේ පාට ජැක් එක කැමරාවේ Video Out ස්ථානයට සවිකරන්න. රතු පාට ජැක් එක කැමරාවේ Power සොකට් එකට සවිකරන්න. ඉන්පසු DC 12v නම් වූ + වයරය වාහනයේ රිවස් ලයිට් එකක + වයරයට සවිකරන්න. GND නම් වූ - වයරය එම රිවස් ලයිට් එකේම - වයරයට සවි කරන්න.

පහතින් ඉදිරිපත් කර ඇත්තේ, මොනිටරයට සවිවන Receiver යුනිට් එකකි.


මෙම Receiver යුනිට් එකේ, කහපාට ජැක් එක මොනිටරයට සවි කරන්න. ඉන්පසු වාහනයේ විදුලි පද්ධතියෙන් DC 12v හා GND යනුවෙන් සදහන් ස්ථානයට විදුලිය සපයන්න. ඔබට අවශ්‍ය නම්,වාහනයේ සිගරට් ලයිටරයෙන් වුවද විදුලිය සැපයිය හැක. ඔබ මොනිටරයට විදුලිය සපයා තැබුවා කියා දිගටම මොනිටරය ON  වී තිබෙන්නේ නැහැ. මොනිටරය ON වන්නේ කැමරාවෙන් මොනිටරයට එන  Signal එක මගිනි. එනම් රිවස් ගියර් එක දැමු ඕනෑම මොහොතක කැමරාව ස්වයන්ක්‍රියව ON වේ.

Wireless වාහන රිවස් කැමරා පද්ධතියක් සවිකරන ආකාරය පහතින් ඉදිරිපත් කර ඇති Video එක තුලින්ද බලන්න.