Sunday, August 20, 2017

ඉවතලන Mobile Phone බැටරියකින් Power Full Led Driver එකක් සාදාමු...

ඉවතලන Mobile Phone බැටරියකින් Power Full Led Driver එකක් සාදා ගත හැකි ඉතාමත් සරල  පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථයේ විශේෂත්වය වන්නේ, ආලෝක සංවේදී අදියරකින්ද මෙම පරිපථය සමන්විත වීමයි. එනම් පරිපථයේ ඇති LDR උපාංගය මගින් පරිසරයේ අදුර වැටීමත් සමග ස්වයන්ක්‍රීයව පරිපථයේ ඇති Led බල්බ 8 දල්වනු ලබනවා. මේ සදහා ඔබට ඉවතලන ඕනෑම 3.7v ජංගම දුරකථන බැටරියක් භාවිතා කල හැකි අතර, ආලෝක සංවේදී කොටසේ ඇති D 880 ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.