Saturday, July 28, 2018

මෝටර් රථ බැටරිය ගැන ඉගෙනගමු (5)


මෝටර් රථ බැටරියක්, මෝටර් රථය ධාවනය වන අවස්ථාවේදී, මෝටර් රථයේ ආරෝපණ පද්ධතියෙන් බැටරිය ආරෝපණය වුවද ආරෝපණ පද්ධතියේ යම් දෝෂයක් ඇති වුව හොත්, බැටරිය නිසිආකාරව ආරෝපණය නොවන අවස්ථාවක හෝ යම් වහනයක් නිතර ධාවනය නොවන අවස්ථාවක හෝ එම බැටරිය පිටතින් ලබාදෙන ධාරාවකින්, එනම් බැටරි චාජරයකින් එම බැටරිය චාර්ජ් කල යුතුවේ. මෙහිදී බැටරි චාජරයකින් එම බැටරිය චාර්ජ් කිරීමට පෙර බැටරියේ අම්ල මට්ටම සම්පුර්ණ කිරීම අනිවාර්යෙන්ම කල යුතු කාර්යක් වේ.

 බැටරි ආරෝපණය කල හැකි ක්‍රම.

(1) සාමාන්‍ය ආරෝපණය.
(2) අධි ආරෝපණය.

ඇම්පියර් 100 පමණ බැටරියක් නම්, බැටරිය පැය 10ක් හෝ 20 ක් ආරෝපණය කිරීම සාමාන්‍ය ආරෝපණය නම්වේ. මෙහිදී ඇම්පියර් 10 බැගින් ලබාදී පැය10 ආරෝපණය කිරිම හෝ ඇම්පියර් 5 බැගින් ලබාදී පැය 20ක් ආරෝපණය කිරීම කල හැක. මෙවැනි සාමාන්‍ය ආරෝපණයක් මගින් බැටරියේ ආයු කාලයට කිසිදු හානියක් සිදු නොවේ.

බැටරියක් ඉතා ඉක්මනින් ආරෝපිත තත්වයට පත්කර ගැනීම සදහා බැටරි චාජරයක් මගින්, වැඩි ඇම්පියර් ප්‍රමාණයක ධාරාවකින් අඩු කාලයකින් ආරෝපණය කිරීම, අධි ආරෝපණය නම්වේ. ඉතා හදිසි අවස්ථාවක හැර වෙනත් කිසිදු අවස්ථාවක, මෙම අධි ආරෝපණ ක්‍රමය භාවිතා නොකල යුතුවේ. බැටරිය නිතර නිතර මෙම අධි ආරෝපණ ක්‍රමයෙන් ආරෝපණය කළහොත් අනිවාර්යෙන්ම එම බැටරියේ ආයු කාලය අඩුවනු  ඇත.