Wednesday, August 28, 2019

ස්පර්ශ සංවේදී ස්විචයක් සාදමු...( Touch Sensor Switch )


මිට ඉහතදී පරිපත කීපයකම භාවිතා කරනලද NE 555 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය වී ඇති මෙම Touch Sensor Switch එක ඔබගේ නිර්මාණශීලි හැකියාව අනුව විවිධ අවස්ථාවන්ට යොදාගන්න පුළුවන් වේවි. මෙහි ඇති 12v රිලේ උපාංගයට විදුලි උපකරණයක් සවිකර පරිපථයේ පෙන්වා අතෝ Touch Plate එක ස්පර්ශ කල විට රිලේ උපාංගය ක්‍රියාත්මකවී, රිලේ උපාංගයට  සවිකර ඇති උපකරණය ක්‍රියාත්මක වනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ තත්පර 100 කින් පසු එය ස්වයන්ක්‍රියව off වෙනවා. මෙය, නිදන කාමර සහ පඩිපෙළවල්වල ඇති විදුලි බල්බ සදහා භාවිතා කිරීමට  හැක. ඉතාමත් සරල මෙම පරිපථය පහතින් ඉදිරිපත්කර ඇත.


මෙම පරිපථයේ Touch Plate එක සදහා තුනී  ඇලුමිනියම් තහඩු කැබැල්ලක් යොදාගන්න. 12v වලින් ක්‍රියාකරන මෙම පරිපථය සදහා 12v  200mA පමණ ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. ට්‍රාන්ස්ෆොමරයෙන් පිටවන 12v ප්‍රත්‍යවර්ථ ධාරාව, IN 4007 Diode යොදා සරල ධාරාවක් බවට පත්කර පරිපතයට විදුලිය සපයන්න.

පහත රුපයෙන් පෙන්වා ඇති ආකාරයේ switch box එකක් තුල පරිපථය කුඩාවට සාදා සවිකරන්න. ට්‍රාන්ස්ෆෝමරය ද switch box එක තුලම සවි කරන්න. ඉන්පසු switch box එකට සවිකිරීමට Blank Plate  එකක් ගෙන එහි උඩ පැත්තේ touch plate එක සවිකරන්න.