අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, කුඩා රැස්වීම්, දේශන සහ කුඩා කණ්ඩායම් පංති සදහා ඉතා පහසුවෙන්ම භාවිතා කල හැකි ජංගම ඇමතුම් පද්ධතියක් සාදා ගන්නා ආකාරයයි. මෙම පරිපථය තුල Pre Amplifier එකක් සහ Power Amplifier එකක් තිබෙනවා. BC 547 ට්‍රාන්සිසිටරය සහිත කොටස Pre Amplifier එක සහිත කොටස වන අතර, TDA 7052 IC උපාංගය සහිත කොටස Power Amplifier එක වේ. පරිපථයේ ක්‍රියාකාරිත්වයට වෝල්ට් 6 ක වෝල්ටීයතාවයක් අවශ්‍ය වන අතර, ඒ සදහා 6v රිචාජබල් බැටරියක් භාවිතා කරන්න. මෙම පරිපථය, ස්පීකරය සහ බැටරිය එකම ආවරණයක් තුල සවිකර, මයික් එක සවිකිරීම සදහා, මයික් ජැක් බේස් එකක් පිටතට තබන්න. එවිට ඉතා පහසුවෙන් මෙය ඕනෑම තැනකට ගෙන ගොස් භාවිතා කල හැක.





