කිසිදු අනතුරු ඇගවීමකින් තොරව පරිගණකය Restart වන්නේ ඇයි? (5 කොටස)
*Hardware සහ Drivers Install කිරීම ආශ්‍රිත දෝෂ.
ඔබගේ පරිගණකයට අලුතෙන් ඉන්ස්ටෝල් කරනලද Hardware එකක් නිසා වුවද මෙම දෝෂය ඇතිවීමට පුළුවනි.එම උපාංග ඉවත් කර හෝ නිසිලෙස සවි කර පරික්ෂා කර බැලිය හැක. තවද මෑත කාලයේදී ඔබ විසින් Drivers අප්ඩේට් කිරීමක් සිදුකලේ නම්, එහි යම් බලපෑමක් නිසා වුවද මෙම දෝෂය ඇතිවීමට බොහෝ ඉඩක් පවතී. Drivers අප්ඩේට් කිරීමට අදාල Hardware එක නිසි පරිදි නැවත සවිකර, Drivers අප්ඩේට් කිරීම Unstall කිරීම සහ නැවත Drivers අප්ඩේට් කිරීම ආදිය සිදු කරමින් දෝෂය නිරාකරණය වන්නේ දැයි බලන්න.
