සාමාන්‍ය විවිධ වර්ණයෙන් යුතු Led බල්බ යොදාගෙන සැදිය හැකි විසිතුරු Led බල්බ පරිපථයක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ...NE 555 IC දෙකක් සහ ඉතා අවම උපාංග ගණනකින් යුත් මෙම පරිපථය ඔබට ඉතා පහසුවෙන් සාදා ගත හැක. ඒ වගේම IC දෙක සදහාම IC Base භාවිතා කිරීම ඔබට ඉතා පහසුවක් වනු ඇත. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා වෝල්ට් 3 සිට වෝල්ට් 9 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක. පරිපථයේ S1 යනුවෙන් දක්වා ඇත්තේ ස්විචයකි. අනෙකුත් සියලුම උපාංග ඔබට ඉතා හුරු පුරුදු උපාංග වේ.
NE 555 IC එකේ Pin හදුනාගන්නා ආකාරය.


