Tuesday, January 26, 2021

ආරක්‍ෂක විදුලි පහන් නිෂ්පාදනය.


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ස්වයං රැකියාවක් ලෙස ඉතාමත් හොද වෙළදපොලක් සාදාගත හැකි නිෂ්පාදනය. ඒ තමයි ආරක්‍ෂක විදුලි පහන් නිෂ්පාදනය. මෙම විදුලි පහන සාදාගත් පසු මෙම විදුලි පහන ඉදිරියට යම් කෙනකු පැමිණිය වහාම මෙම විදුලි පහන ස්වයන්ක්‍රියව දැල්වෙනවා.යම් කාලයක් විදුලි පහන දැල්වී නිවී යන අතර විදුලිපහන ඉදිරියට පැමිණි පුද්ගලයා නැවත  යම් චලනයක් දැක්වූ වහාම නැවතත් විදුලි පන දැල්වෙනවා. ඒවගේම ඔබ කැමතිනම් විදුලි පහන දල්වෙනවත් සමගම එලාම් එකක් වුවත් නාද වීමට සැලැස්විය හැකියි. ඒවාගේම මෙහි විදුලි පහන සදහා Led Flash Light ම භාවිතා කරන්න අවශ්‍ය නැහැ. ඔබ කමති ඕනෑම විදුලි පහනක් මේ සදහා භාවිතා කරන්න පුළුවන්. මෙය Sensor සහ Driver Circuit යන කොටස් දෙකකින් සමන්විත වනවා.

මෙයට අවශ්‍යවන PIR සෙන්සරයක් ( Passive Infrared Sensor ) මම පහතින් දක්වා ඇති අතර එය දැනට වෙළදපොලෙන් මිලට ගන්න පුළුවන්. මිලට ගන්න පුළුවන් ස්ථානයත් මම ඔබට කියනවා.

  PIR සෙන්සරයක ඉදිරි පෙනුම 

 PIR සෙන්සරයක පසු  පෙනුම
PIR සෙන්සර් එකක පෙර සැකසුම් සිදුකරන ආකාරය.

PIR සෙන්සර් එකක පෙර සැකසුම් සිදුකරන ආකාරය පහත රුපයෙන් පෙන්වා ඇත. එහි Sensitivity Adjust යනුවෙන් ඇති Preset එක මගින් PIR සෙන්සර් එකේ සංවේදී දුර අඩු වැඩි කල හැක. ඒ වගේම Time Delay Adjust නැමති Preset එක මගින්, PIR සෙන්සර් එක ක්‍රියාකර බල්බය දැල්වුණු පසු නැවත බල්බය නිවෙන්නට ගතවන කාලය  අඩු වැඩි කල හැක. තවද, මෙහි පෙන්වා ඇති Jumper එක  H අවස්ථාවට සවිකර තැබූ විට, සෙන්සරය ක්‍රියා කර බල්බය දැල්වුණු පසු සැකස තැබූ කාලයෙන් පසුව බල්බය නිවී යන අතර, නැවත සෙන්සරය ඉදිරිපිටට යම් කෙනෙකු පැමිණියහොත් නැවත බල්බය දැල්වේ. ඒ වගේම Jumper එක, L අවස්ථාවට සවිකර තැබූ විට, සෙන්සරය ක්‍රියාකර බල්බය දැල්වුණු පසු දිගටම බල්බය දැල්වී පවතී. එවිට මෙම ආරක්ෂක විදුලි පහනේ ස්විචය Off කර බල්බය නිවදැමිය යුතුවේ.

 තවද, GND , OUT PUT , VCC යනුවෙන් ඇති ස්ථාන වයර් මගින් පහතින් ඉදිරිපත්කර ඇති Driver පරිපතයට සවිකළ යුතුවේ.



පරිපථය සාදා, පරිපථයේ දක්වා ඇති ආකාරයට රිලේ උපාංගය  හරහා බල්බයක් හෝ එලාම් එකක් සවි කරන්න. 12v Power Supply එකකින් පරිපතයට විදුලිය සැපයිය යුතු අතර, ඔබට අවශ්‍ය නම් 12v , Transformer රහිත Power Supply එකකින් වුවද විදුලිය සැපයිය හැක. පරිපථය නිවැරදිව සාදා ගත්තේනම්, සෙන්සරය ඉදිරිපිටට යම් කෙනෙකු පැමිණි වහාම බල්බය දැල්වෙනු ඇත.

PIR සෙන්සරය පිටකොටුවේ Unitech  ආයතනයෙන් ඔබට මිලදී ගත හැක. මිල රු. 250 පමණි.

Unitech Trading (pvt) Ltd,
No.15,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2334100