Led Night Lamp

Led Night Lamp නිෂ්පාදනය...

මෙම Led Night Lamp එක නිවසක නිදන කාමර සදහා භාවිතා කල හැකි ඉතාමත් සරල එකකි.එනම් කුඩා ළමුන්,වයසක අය සිටින නිවෙස් සදහා ඔවුන් නිදාගන්නා විට කාමරයේ අදුර මැකීම සදහා මෙය කදිම උපකරණයකි. මෙහි විශේෂත්වය වන්නේ භාවිතය ඉතා සරල වීමත්,මෙහි විදුලි පරිබෝජනය නිවසේ විදුලි මීටරයට නොදැනෙන මට්ටමක පැවතීමත්,නිෂ්පාදනය ඉතා සරල වීමත්,නිෂ්පාදන වියදම රු.85 වැනි ඉතා අඩු මුදලක් වීමත් සහ දිගු කාලීන පැවැත්මත් වේ. මෙතැන් සිට ඉදිරියට මෙම Led Night Lamp එක නිෂ්පාදනය කරන ආකාරය ඉතාමත් සරලව පියවරෙන් පියවර ඔබට ඉදිරිපත් කරමි.

 අවශ්‍ය උපකරණ.

* .47 uf  400v කැපසිටර්  -  01
* 100 uf  16v  කැපසිටර්  -  01
*  IN  4007  ඩයෝඩ්( රෙක්ටිෆයර් )  -  02
* 1 M ඕම්ස්‌  රෙසිස්ටර්  -  01
* 1 K  ඕම්ස්‌  රෙසිස්ටර්  -  01
* NDM වර්ගයේ හෝ වෙනත් වර්ගයක 5A ප්ලග් ටොප්  -  01
* කුඩා සර්කිට් වයර් කැබැල්ලක්
* සුදු පාට,ටෝර්ච් Led බල්බ්  -  02
*උපකරණ පෑස්සීම සදහා ඉලෙක්ට්‍රිකල් බවුත් එකක් සහ ඊයම්.

 උපකරණ හදුනාගැනීම 

.47 uf  400v කැපසිටර් එකෙහි, කැපසිටර් එක මත 474  400v  යනුවෙන් සදහන්ව ඇත. 474 යනු කෝඩ් එකකි. මෙහි පාද  දෙකක් ඇති අතර + - භේදයක් නොමැත.

100 uf  16v  කැපසිටර් එකෙහි 100 uf  16v ලෙස එහි බදෙහි  සදහන්ව ඇති අතර මෙහි පාද දෙකක් වේ. දිග පාදය + පාදය වන අතර කොට පාදය - පාදය වේ. - පාදය අසල බදෙහි ද - ලකුණ සදහන් කර ඇත.

 IN  4007  ඩයෝඩ්( රෙක්ටිෆයර්)   -  02 හි IN  4007 ලෙස සටහන්ව ඇති අතර මෙහි පාද  දෙකකි. එහි බදෙහි සුදුපාට වර්ණ තීරුවක් ඇති  පැත්තේ පාදය  + පාදය වන අතර අනෙක් පාදය - පාදය වේ.

1 M ඕම්ස්‌  රෙසිස්ටර් එකෙහි එහි අගය සදහන්ව ඇත්තේ වර්ණ තීරු මගිනි.එම වර්ණ තීරු  දුබුරු,කලු,කොළ ලෙස සටහන්ව ඇති අතර පාද දෙකෙහි + - භේදයක් නොමැත.

1 K ඕම්ස්‌  රෙසිස්ටර් එකෙහි එහි අගය සදහන්ව ඇත්තේ වර්ණ තීරු මගිනි.එම වර්ණ තීරු  දුබුරු,කලු,රතු  ලෙස සටහන්ව ඇති අතර පාද දෙකෙහි + - භේදයක් නොමැත.

සුදු පාට,ටෝර්ච් Led බල්බ් වල දිග පාදය + පදය වන අතර කොට පාදය - පාදය වේ.

උපකරණ වල සාමාන්‍ය පෙනුම.








දැන් අපි පහත ඇති පරිපථය අනුව ඉහත උපකරණ පාස්සා ගත යුතුය.






































ප්ලග් ටොප් එකේ පියන මත උපකරණ පාස්සා Night Lamp එක සාදන ආකාරය පහත Video තුලින් බලන්න 




පරිපථය සාදා නිම වූ පසු














































































No comments:

Post a Comment