ශ්‍රී ලංකාවාසී අපි, වෙසක් උත්සවය, නත්තල් උත්සවය වගේම නොයෙකුත් උත්සව අවස්ථාවන්හිදී විදුලි ආලෝකය විසිතුරු ලෙස භාවිතා කරන්න පුරුදු වී සිටිනවා...මංගල උත්සව, ප්‍රියසම්භාෂණ ආදී අවස්ථාවලත් තත්වය එසේමයි. මෙම ආලෝක රටා මවන්නට නොයෙකුත් උපකරණ සහ උපාංග භාවිතා කරනවා..එත් මම අද ඔබට කියල දෙන්නේ සරල ක්‍රමයකට යම්කිසි බල්බයක්, අකුණු ගසනවා වැනි ආකාරයට පත් කරන්නේ කෙසේද කියලා...මේ සදහා ඔබට සාමාන්‍ය බල්බ, Spot බල්බ වැනි බල්බ වර්ග භාවිතා කරන්න පුළුවන්, මේසදහා අවශ්‍ය වන්නේ ටියුබ් ලයිට් සදහා භාවිතාකරන ස්ටාටරයක් පමණයි. ස්ටාටරය බල්බයට සවි කරන ආකාරය මම පහතින් ඉදිරිපත් කරලා තිබෙනවා..
මෙම ක්‍රමය තනි බල්බයකට මෙන්ම බල්බ වැලකට වුවද භාවිතා කරන්න පුළුවන්. ඔබ කල යුත්තේ තනි බල්බයට හෝ බල්බ වැලට ශ්‍රේණිගත ලෙස ස්ටාටරය සවිකිරීම පමණයි. ඔබට අවශ්‍ය නම් පහත දක්වා ඇති ආකාරයේ සාමාන්‍ය Led බල්බ 100 ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර ස්ටාටරයද ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර 230v වලින් දල්වන්න පුළුවන්.

