ඉතා සරල FM මයික්‍රෆෝනය FM ට්‍රාන්ස්මිටරයක් ලෙස භාවිතා කරන ආකාරය...
මම ඔබට කලින් ඉදිරිපත්කරන ලද ඉතා සරල FM මයික්‍රෆෝනය ට්‍රාන්ස්මිටරයක් ලෙස වුවද ඔබට අත්හදා බැලීමට පුළුවන්.ඔබ කල යුත්තේ එම පරිපථයේ මයික් එක ඉවත් කර, එම ස්ථානයට CD ප්ලේයරයක හෝ DVD ප්ලේයරයක Audio Out එකක් ලබා දීමයි. එවිට FM රේඩියෝවකින් එය ශ්‍රවණය කල හැකි වනවා...
පහතින් ඉදිරිපත් කර ඇත්තේ මෙම ට්‍රාන්ස්මිටරය සදහා භාවිතා කල හැකි විදුලි සැපයුම් පරිපතයකි.මෙහි B1 ලෙස සදහන්ව ඇත්තේ Bridge Rectifier එකකි. D1 ලෙස සදහන්ව ඇත්තේ Led බල්බයකි.
LM 317
Bridge Rectifier
ට්‍රාන්ස්මීටරය ක්‍රියා කිරීමේදී හම් එකක් එනවාද?
ට්‍රාන්ස්මීටරය ක්‍රියා කිරීමේදී හම් එකක් එනවානම් එය නැති කරගන්නා ආකාරය මම ඔබට කියා දෙන්නම්. මෙවැනි හම් එකක් එන්න බලපාන ප්‍රධාන කරණය තමයි,Power Supply එකේ සුමට බව අඩු වීම. ධාරාව තවත් සුමට කරගැනීම සදහා Power Supply එකේ ඇති 100uf කන්ඩෙන්සරය වෙනුවට 4700uf කන්ඩෙන්සරයක් යොදන්න. එවිට හම් එක නැතිවී යාවි. යම්කිසි හෙයකින් තව දුරටත් හම එක පවතී නම්, Power Supply එකේ (-) වයරය, අඩි දෙකක පමණ කම්බි කුරක් පොලවට ගසා Earth කරන්න. එවිට හම් එක සම්පුර්ණයෙන්ම නැතිවී යාවි.
ට්‍රාන්ස්මිටරය ක්‍රියාකරන දුර වැඩි කර ගත හැකි උපක්‍රමයක්..
මේ සදහා ඔබ මුලින්ම, පරිපථයේ ඇති 2 N 3904 ට්‍රාන්සිස්ටරය සදහා Heat Sink එකක් සවි කල යුතු වනවා..මෙම ට්‍රාන්සිස්ටරයේ Heat Sink සවිකිරීමට සිදුරු නොමැති හෙයින් අගල් 2 x 2 ප්‍රමාණයේ තුනී ඇලුමිනියම් තහඩුවක් ගෙන, ට්‍රාන්සිස්ටරය හිරවන පරිදි ට්‍රාන්සිස්ටරය වටේ ඔතන්න. ඉන්පසු ට්‍රාන්ස්මිටරයේ ඇන්ටෙනා එක ආදී 20 පමණ ඉහලට දමන්න. මේ සදහා Coaxial ඇන්ටෙනා වයරයක මද කම්බිය භාවිතා කරන්න. ඉන් පසු අප ට්‍රාන්මිටරයට ලබාදුන් 3v විදුලි සැපයුම වෙනුවට 9v බැටරියකින් හෝ 9v Power Supply එකකින් ට්‍රාන්ස්මිටරයට විදුලිය සපයන්න.







