ඉතින් ගොඩ දෙනෙක්ට දැන් ඇම්ප්ලිෆයරයක ක්‍රියාකාරිත්වය පිළිබද හොද අවබෝධයක් ඇතැයි කියාමා සිතනවා. දැන් ඔබට අවබෝධ වෙලා ඇති,අප භාවිතා කරන රේඩියෝ,TV, Hi Fi සෙටප්,පොකට් රේඩියෝ ආදී මෙම සෑම උපකරනයකම ඇම්ප්ලිෆයරයක් තිබෙන බව. ඉතින් මම මිට කලින් ඉදිරිපත්කල 5W Stereo ඇම්ප්ලිෆයරය සහ 12v වලින් 5v ලබාගන්න පරිපථය ඔබ සදාගෙන තිබෙනවා නම් ඔබට දැන් ඉතා හොද අත්හදාබැලීමක් කිරීමේ අවස්ථාවක් උදාවෙලා තිබෙනවා..ඔබ,මා විසින් ඉදිරිපත්කල ඇම්ප්ලිෆයරය සාදා නොගත්තත් වෙනත් ඕනෑම ඇම්ප්ලිෆයරයක් මේ සදහා භාවිතා කරන්න පුළුවන්. ඒත් 12v වලින් 5v ලබාගන්න පරිපථය නම් ඔබ අනිවාර්යෙන්ම සාදා ගත යුතු වෙනවා.
දැන් වෙළද පොලේ තිබෙනවා පහත රුපයේ ආකාරයේ FM රේඩියෝව සහිත USB MP 3 කිට් එකක්.
දැන් වෙළද පොලේ තිබෙනවා පහත රුපයේ ආකාරයේ FM රේඩියෝව සහිත USB MP 3 කිට් එකක්.
මෙම FM රේඩියෝව සහිත USB MP 3 කිට් එක දුරස්ත පාලකයකින්ද සමන්විතයි. මෙහි FM රේඩියෝවත්,Pen Drive සදහා USB පෝර්ට් එකකුත්,Micro SD මෙමරි කාර්ඩ් සදහා පෝර්ට් එකකුත් තිබෙනවා. මෙම FM රේඩියෝව සහිත USB MP 3 කිට් එක ක්‍රියාකරවීම සදහා 5v විදුලි සැපයුමක් ලබාදිය යුතුයි. මෙම USB MP 3 කිට් එකෙන් පිටවන්නේ ඉතා කුඩා සංඥාවක් වන අතර එය වර්ධනය කරගැනීමට එම සංඥාව ඇම්ප්ලිෆයරයකට සම්බන්ධ කලයුතු වනවා.
ඇම්ප්ලිෆයරයකට සම්බන්ධ කරන ආකාරය.
ඔබ මෙම USB MP 3 කිට් එක මිලට ගැනීමේදී, වයර් තුනක් සහිත රිබන් වයරයක් සහ වයර් දෙකක් සහිත රිබන් වයරයක් ලැබේවි. මෙම වයර් තුනක් සහිත රිබන් වයරය,USB MP 3 කිට් එකේ 3 Pin සොකට් එකට සවිකරන්න. ඔබට පෙනෙනවා ඇති මෙම වයර් තුනෙන් දෙකක රතුපාටින් ඉරක් ඇති බව.මෙම වයර් දෙක ඇම්ප්ලිෆයරයේ L /R In වලට සවිකරන්න.අනෙක් වයරය ඇම්ප්ලිෆයරයේ Common In ස්ථානයට සවි කරන්න.
විදුලිය සපයන ආකාරය.
ඔබට ලැබුණු වයර් දෙකක් සහිත රිබන් වයරය, USB MP 3 කිට් එකේ 2 Pin සොකට් එකට සවිකරන්න. ඉන්පසු ඔබ සාදාගත් 5v විදුලි සැපයුමේ - වයරය රතු පාට ඉරක් ඇති වයරයටත්, + විදුලිය අනෙක් වයරයටත් ලබා දෙන්න.
තනි රතු පාට සිහින් වයරය FM රේඩියෝවේ ,ඒරියල් වයරය වේ.
තනි රතු පාට සිහින් වයරය FM රේඩියෝවේ ,ඒරියල් වයරය වේ.
දැන් ඇම්ප්ලිෆයරය on කර FM රේඩියෝව හෝ Pen Drive එකක් හෝ Micro SD මෙමරි කාර්ඩ් එකක් සවිකර MP 3 ප්ලේ කල හැක.
මෙම USB MP 3 කිට් එක රු,390 වැනි මුදලකට මිලට ගත හැක.