මම අද ඔබට අරගෙන ආවේ, DC Power Delay Circuit එකක්. එනම් මෙම පරිපතයට DC විදුලි සැපයුමක් ලබාදුන් විට යම්කිසි සුළු කාල පමාවකින් එම DC විදුලි සැපයුම එම පරිපතයෙන් පිටවේ. මෙම පරිපථයේ ප්‍රධානතම උපාංගය වන්නේ, TIC 106D නම් වූ SCR උපාංගයයි. පරිපථයේ Supply In ලෙස සදහන් ස්ථානයට ඔබ පරිපතයට ලබාදෙන විදුලි සැපයුමේ + වයරයත්, පරිපථයේ GND ලෙස සදහන් ස්ථානයට ඔබ පරිපතයට ලබාදෙන විදුලි සැපයුමේ - වයරයත් සවි කරන්න. කාල පමාවකින් පසු පිටවන විදුලිය, එනම් පරිපතයෙන් පිටවන + විදුලිය, පරිපථයේ Delayed Out ලෙස සදහන් ස්ථානයෙනුත්, පරිපතයෙන් පිටවන - විදුලිය, GND ස්ථානයනුත් ලබාගත හැක. පරිපථයේ ඇති D3 ලෙස සදහන්ව ඇති සෙනර් ඩයෝඩය සදහා, පරිපථයට සපයන වොල්ටීයතාවයෙන් බාගයක ප්‍රමාණයේ සෙනර් ඩයෝඩයක් යොදන්න. උදාහරණයක් ලෙස, ඔබ පරිපතයට සපයන්නේ වෝල්ට් 12 ක් නම්, 6v සෙනර් ඩයෝඩයක් යොදන්න.
TIC 106D - SCR


