Wednesday, March 21, 2018

ඩිජිටල් මල්ටිමිටරය භාවිතා කරන ආකාරය.. (1)


ඇනලොග් මල්ටිමිටරය භාවිතා කරන ආකාරය සහ උපාංග පරීක්ෂා කරන ආකාරය මම මිට ඉහතදී පාඩම් මාලාවකින් ඔබට කියලා දුන්නා.. අද සිට කොටස්  වශයෙන් ඉදිරිපත් කරන මෙම පාඩම් මාලාවෙන් මම ඔබට කියලා දෙන්නම් ඩිජිටල් මල්ටි මීටරය භාවිතා කරන ආකාරය සහ උපන්හ පරීක්‍ෂා කරන ආකාරය. ඩිජිටල් මල්ටිමිටරයක් රු 900 සිට ඉහලට විවිධ මිල  වලින් ඔබට මිලට ගන්න පුළුවන්. බොහෝ වෙලාවට ඩිජිටල් මල්ටිමිටර් සදහා භාවිතා වන්නේ 9v බැටරියක් තමයි. ඇනලොග් මල්ටිමිටරයක් සහ ඩිජිටල් මල්ටිමිටරයක් සැසදීමේදී ඉතා විශාල වෙනස්කම් නොමැති වුවත් වෙනස්කම් කීපයක් දකින්න පුළුවන්. ඒවා ඉදිරි Video පාඩම්  මගින් මම ඔබට ඉදිරිපත් කරනවා. ඩිජිටල් මල්ටිමිටරයක පොදු සැකසුම්, පහත රුපය මගින් ඔබට ඉදිරිපත් කර ඇත.