ඇනලොග් මල්ටිමීටරයක් හෝ ඩිජිටල් මල්ටිමීටරයක් දැන් ඔබට රු.800 සිට ඉහලට මිලට ගන්න පුළුවන්. සෑම මල්ටිමීටරයක්ම ක්‍රියා කරන්නේ බැටරි ආධාරයෙන් වන අතර, සමහර ඒවා මිලට ගනිමේදීම බැටරි ඇතුලත් කර ඇති අතර, සමහර ඒවා මිලට ගැනීමේදී බැටරි ඇතුලත් කර නොමැති බැවින් ඔබ විසින් බැටරි ඇතුලත් කරගත යුතුවේ. සමහර මල්ටිමීටර් වලට 9v බැටරියක් අතර තවත් සමහර ඒවාට 9v බැටරියට අමතරව AA බැටරි දෙකක්ද අවශ්‍ය වේ. සෑම විටම බැටරි යෙදීමේදී, ලෝහ ආවරණය සහිත බැටරි යෙදීමට ඔබ වග බලා ගතයුතු අතර, එසේ නොවුන හොත් බැටරි බැස යත්ම ඒවා තුල ඇති රසායන ද්‍රව්‍ය පිටතට පැමිණීම නිසා මල්ටිමීටරයට හානිවී එය අක්‍රීය තත්වයට පත්වේ. එබැවින් නිසිකලට බැටරි මාරු කර මල්ටිමීටරය හොදින් නඩත්තු කිරීම තුලින් එය දිගු කලක් භාවිතා කිරීමට හැකිවේ.
මල්ටිමීටරයක් මිලට ගැනීමේදී ඇති ආකාරයේ Test Probe සහිත වයර යුගලයක් ඔබට ලැබෙන අතර, තවත් ඒවායේ මෙම,Test Probe සහිත වයර යුගලය මල්ටිමීටරයටම සවි කර ඇත.
ඇනලොග් සහ ඩිජිටල් යන දෙවර්ගයේම මල්ටිමීටර ගැන මම ඔබට කියාදෙනු ලබන අතර මුලින්ම ඉදිරිපත් කරන්නේ ඇනලොග් මල්ටිමීටර් පිලිබදවයි.
මල්ටිමීටරයකින් පරික්ෂ කල හැකි දෑ ....
(1) AC වෝල්ටීයතාවය මැනීම හෝ පරික්ෂාව.
(2) DC වෝල්ටීයතාවය මැනීම හෝ පරික්ෂාව.
(3) ධාරාව මැනීම හෝ පරික්ෂාව
(4) රෙසිස්ටර් පරික්ෂාව.
(5) කන්ඩෙන්සර් පරික්ෂාව
(6) ඩයෝඩ පරික්ෂාව.
(7) ට්‍රාන්සිස්ටර් පරික්ෂාව.
(8) සන්නායකතාව පරික්ෂාව.
(2) DC වෝල්ටීයතාවය මැනීම හෝ පරික්ෂාව.
(3) ධාරාව මැනීම හෝ පරික්ෂාව
(4) රෙසිස්ටර් පරික්ෂාව.
(5) කන්ඩෙන්සර් පරික්ෂාව
(6) ඩයෝඩ පරික්ෂාව.
(7) ට්‍රාන්සිස්ටර් පරික්ෂාව.
(8) සන්නායකතාව පරික්ෂාව.
මල්ටිමීටරයක මැනුම් පරාසයන් සහ එහි ඇති පාලක පිලිබදව පහත රුපයෙන් ඉදිරිපත්කර ඇත.
තවත් කොටසක් හෙට දිනයේදී බලාපොරොත්තුවන්න....

