ඔබට මෙම Led පැනල් ලයිට් පරිපථය සදහා ටෝර්ච් Led බල්බ 126 ශ්‍රේණිගත ආකාරයට සවිකරගන්න පුළුවන්...මෙම පරිපථය සදහා අවම උපාංග ගණනක් භාවිතා කර ඇති නිසා එය ඔබට වඩාත් පහසුවක් වේවි. මෙම Led පැනල් ලයිට් සදහා සුදුසු පරිපථය ම ඔබට ඉදිරිපත් කලද, Led පැනල් ලයිට් සදහා හවුසින් නම් තවම වෙලදපොලේ මිලට ගන්න නම් නැහැ. එම නිසා වියාපාරික මට්ටමින් මෙම Led පැනල් ලයිට් නිෂ්පාදනය කිරීමට ඔබට හැකියාවක් නැහැ. නමුත් බල්බ 126 යුතු මෙම පරිපතයෙන් ඔබට ඉතා දීප්තිමත් ආලෝකයක් ලබාගන්න පුළුවන්. මෙම පරිපථය පහතින්.....
මෙම Led පැනල් ලයිට් සදහා සුදුසු පරිපථයේ ඇති සියලුම උපාංග ඔබට ඉතා හුරු පුරුදු උපාංග බැවින් ඒවා පිළිබධ නැවත විස්තර කිරීමට ම අදහස් නොකරමි. ඒවගේම මෙම පරිපත්ය පුරාවටම 230v විදුලිය ගමන් කරන බැවින් ඔබ ඒ පිලිබදව සැලකිලිමත් වීම අනිවාර්යෙන් කලයුතු වේ.

