පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, NiCd ( nickel–cadmium ) සහ NiMh ( nickel–metal hydroxide ) බැටරි චාර්ජ් කල හැකි පරිපථයකි. LM 317 IC උපාංගය සහ BC 547 ට්‍රාන්සිස්ටර් 3 මෙහි ඇති ප්‍රධානතම උපාංග වනවා. LM 317 IC උපාංගයේ, පින් හදුනාගන්න ආකාරය පරිපථය තුලම පෙන්වා ඇති අතර BC 547 ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරය මිට පෙර බොහෝ පරිපථවල පෙන්වා ඇති නිසා දැන් ඔබට එය ගැටළුවක් නොවනු ඇති. මෙම පරිපථය මගින් එක් වර්ගයකින් බැටරි දෙක බැගින් බැටරි හයක් චාර්ජ් කල හැකියි. එම බැටරි වර්ගයන් AA , AAA , PP3 / 6F22 වනවා. පරිපථය සදහා ලබාදිය හැකි අවම වෝල්ටීයතාවය 9v වන අතර උපරිම වෝල්ටීයතාවය 25v වේ.




