දිනෙන් දිනම දියුණුවන ලෝකයත් සමග මිනිසාගේ ජීවන රටාවත් ඉතා සංකීර්ණවීම වැලැක්විය නොහැක්කක්. ඔබ සහ මම කුඩා අවධියේදී, පරණ පත්තර සහ බෝතල් මිලට ගන්න කෙනා ඔබගේ නිවසට පැමිණියේ,කුඩා කරත්තයකින් හෝ බයිසිකලයෙන් බව ඔබට මතක ඇති. ඒ වාගේම ඔවුන් පැමිණෙන බවට ජනතාව දැනුවත් කලේ, බෝතාල් ....පත්තරේ.... කියා කෑගසා කියමින්...ඒත් අද තත්වය හාත්පසින්ම වෙනස් වෙලා.. අද බෝතල්,පත්තර මිලට ගන්න එන්නෙත් වාහනයකින්..එදා , බෝතාල් ....පත්තරේ.... කියා කෑගසා කියන කර්කෂක හඩ වෙනුවට ශබ්ද විකාශන පද්ධතියකින් ඉතා ලයාන්විත සංගීත රාවයක් සමග සුමිහිරි වදන් පෙලකින් ඔබ අමතනවා.. මේ ආකාරයට ජංගම ශබ්ද විකාශන පද්ධති භාවිතයට අද බොහෝදෙනෙක් පෙලබිලා තිබෙනවා. ලොතරැයි කුඩු, ජංගම ලොතරැයි රථ, ජංගම වෙළද රථ ආදිය මෙයින් ප්‍රධාන තැනක් ගන්නවා. ඉතින් මම අද ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි ජංගම අලෙවි රථ සදහා සුදුසු ඇම්ප්ලිෆයර පරිපථයක්.
LA 4440 නම් වූ Pin 14 කින් යුතු වූ IC උපාංගයක් පාදක කරගෙන නිර්මාණය වී ඇති මෙම ඇම්ප්ලිෆයරයෙන් වොට් 19 ක බලයක් අපට ලබාගත හැකියි.IC උපාංගයේ Pin ගණනය කරගන්නා ආකාරයද පහත රුපයක් මගින් ඉදිරිපත් කර ඇත. ඒ වාගේම මෙම ඇම්ප්ලිෆයරයට පහත රුප වලින් පෙන්වා ඇති ආකාරයේ කුඩා Reflex Horn(කුඩා ලවුඩ් ස්පීකර් ) එකක් සවිකළ හැකියි.
පරිපථය කුඩාවට සාදා,වෙළද පොලේ විකිනීමට ඇති කුඩා ඇම්ප්ලිෆයර කේසින් එකක පරිපතය සවිකළ හැකි අතර, පරිපථයේ +12v යනුවෙන් සදහන් ස්ථානයට + විදුලියත්, Earth සලකුණ ඇති ස්ථානයට (-) විදුලියත් ලබාදෙන්න. ජංගම රථයක මෙම ඇම්ප්ලිෆයරය භාවිතා කරන්නේ නම් එම රථයේ ඇති බටරියෙන්ම විදුලිය සැපයිය හැක.
පරිපථයේ Audio Input නම්වූ ස්ථානයට සහ Earth සලකුණ ඇති ස්ථානයට, රේඩියෝවක හෝ වෙනත් ප්‍රභවයක Output Signal එක ලබාදෙන්න. තවද මම මිට කලින් ලිපියකින් ඉදිරිපත් කල Mic Preamplifier එක සාදාගෙන මෙම පරිපතයට එක් කරගැනීමෙන් Mic එකක් සවිකර ඇමතීමේ පහසුකමද ලැබෙනු ඇත.
Small Reflex Horns
Mic Preamplifier එකක් සවි නොකරන්නේ නම්, භාවිතයෙන් ඉවත් කරන ලද Land Phone එකක Handset එකේ ඇති Ear Phone එක, පරිපථයේ Audio Input නම්වූ ස්ථානයට සහ Earth සලකුණ ඇති ස්ථානයට සවිකර Mic එකක් ලෙස භාවිතා කල හැක.
පරිපථයේ Speaker යනුවෙන් සදහන් ස්ථානයට වොට් 20 පමණ, රුප වලින් පෙන්වා ඇති ආකාරයේ Reflex Horn එකක් සවි කරන්න. ඔබගේ නිර්මාණශීලි හැකියාව මත මෙම ඇම්ප්ලිෆයර නිෂ්පාදනය ව්‍යාපාරයක් ලෙස වුවද සිදුකල හැක.
මෙම ඇම්ප්ලිෆයරයට Volume Control එකක් සවිකරන ආකාරය.
10K Volume Control එකක් ගෙන එහි දෙපස ඇති Pin දෙකෙන් එකක් (-) විදුලියටත්,අනෙක Audio Input ස්ථානයටත් සවි කරන්න. ඉන්පසු මැද පින් එකටත්, Earth සලකුණ ඇති ස්ථානයටත් රේඩියෝවක හෝ වෙනත් ප්‍රභවයක Output Signal එක ලබාදෙන්න.
මෙම ඇම්ප්ලිෆයරයට Volume Control එකක් සවිකරන ආකාරය.
10K Volume Control එකක් ගෙන එහි දෙපස ඇති Pin දෙකෙන් එකක් (-) විදුලියටත්,අනෙක Audio Input ස්ථානයටත් සවි කරන්න. ඉන්පසු මැද පින් එකටත්, Earth සලකුණ ඇති ස්ථානයටත් රේඩියෝවක හෝ වෙනත් ප්‍රභවයක Output Signal එක ලබාදෙන්න.







