සෑම නිවසකම පාහේ තිබෙන විදුලි උපකරණයක් තමයි විදුලි හීටරය.. ඒත් ඉතින් ගොඩක් දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි මෙම විදුලි හීටර වැඩි කලක් පාවිච්චි කරන්න බැරි වීම....ඒ කියන්නේ එක්කෝ හීටරය රත් වෙන්නෙම නැහැ.නැතිනම් හීටරය ක්‍රියාත්මක කරන වත් සමගම නිවසේ ට්‍රිප් ස්විචය off වීම. එත් මම අද ඔබට කියල දෙන්නම් කොහොමද විදුලි හීටරය දිගු කලක් පාවිච්චි කරන්නේ කියල..
ගොඩක් වෙලාවට ඔබ කරන එක වැරද්දක් තමයි,නියමිත ප්‍රමාණයට හීටරය ගිලෙන සේ භාජනයට ජලය නොදැමීම. ඔව්....දැන් ඔබ හිතනවා ඇති මොකක්ද මේ නියමිත ප්‍රමාණය කියලා.....උසස් වෙළද නාමයන් යටතේ අලෙවි කරන ඕනෑම හීටරයක එම හීටර දගරයේ කොපමණ උසකට ජලය තිබිය යුතුද යන්න පැහැදිලිව සලකුණු කර තිබෙනවා....අන්න ඒ සලකුණ තමයි මම නියමිත ප්‍රමාණය කියලා කිව්වේ....මම දැන් ඔබට පහදා දෙන්නම් මෙහි තාක්ෂණික පැත්ත...හිටරයේ අපට පෙනෙන දගරය අපට සිල්වර් පාටට පෙනුනට ඇත්තටම මෙය කොපර් බටයක්. කොපර් බටයට සිල්වර් ඉලෙක්ට්‍රොප්ලේට් කරලයි තිබෙන්නේ..ඉතින් මෙම කොපර් බටය ඇතුලේ තමයි හීටර් එලිමන්ට් එක තිබෙන්නේ..එනම් මෙම කොපර් බටයට හීටර් එලිමන්ට් එක නොගෑවෙන ලෙස, කොපර් බටයත් හීටර් එලිමන්ට් එකත් අතර සිලිකන් ස්තරයක් යොදා තිබෙනවා..

ඉතින් මෙම අපට බාහිරින් පෙනෙන කොපර් දගරය පුරාවටම හීටර් එලිමෙන්ට් එක නැහැ...මෙම හීටර් එලිමන්ට් එක ඉවරවෙන ස්ථානය තමයි ජලය තිබිය යුතු අවම සීමාව ලෙස සලකුණු කර තිබෙන්නේ...දැන් ඔබට වැටහෙනවා ඇති හීටර් එලිමන්ට් එක පිහිටා තිබෙන ප්‍රමාණයට ජලය තිබිය යුතු බව.. එසේ ජලය නොතිබුනොත් ජලය නොමැති නිසා හීටර් එලිමන්ට් එක ඉතා අධිකව රත් වෙනවා..එවිට ඒහා සමගම වටේ ඇති සිලිකන් ස්ථරයද අධිකව රත්වී එම ප්‍රදේශයේ සිලිකන් ස්තරය පිපිරීමකට ලක්වන අතර හීටර් එලිමෙන්ට් එකද එම ස්ථානයෙන් පිලිස්සී කැඩී යනවා....එවිට හීටරය අක්‍රීය තත්වයට පත් වෙනවා..මෙම පිලිස්සී කැඩී ගිය හීටර් එලිමන්ට් එකේ එක කෙළවරක් පිපිරී ගිය සිලිකන් ස්තරය තුලින් බාහිර කොපර් බටයේ ගෑවී තිබේනම් හීටරය ක්‍රියාත්මක කරනවත් සමග විදුලි කාන්දුවක් ඇතිවන නිසා ඔබගේ නිවසේ ට්‍රිප් ස්විචය off වෙනවා..
තවද හිටරය දිගු කලක් පාවිච්චි කිරීමට නම් හීටරය off කල සැනින් ජලයෙන් ඉවතට හීටරය ගන්න එපා...ස්විචය off කර තත්පර 20 පමණ ගිය පසු හීටරය ජලයෙන් ඉවත් කරන්න. මෙම උපදෙස් පිළිපදින්නේ නම් විදුලි හීටරය දිගු කලක් භාවිතා කල හැක.