අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ නිවසේ ඇති සිවිලින් විදුලි පංකාව ඔබටම අලුත්වැඩියා කරගත හැකි ආකාරයයි. සාමාන්‍යයෙන් සිවිලින් විදුලි පංකාවක එන පොදු දෝෂ එනම් Common Faults කීපයක් අපට දකින්න පුළුවන්.සමහර විට ඔබගේ විදුලි පංකාව ඉතා මන්දගාමී වේගයකින් ක්‍රියා කරන්න පුළුවන්.එනම් විදුලි පංකාවේ වේග පාලකය කොපමණ වැඩි කලත් විදුලි පංකාව එකම වේගයකින් ධාවනය වෙන්න පුළුවන්..තවත් සමහර විට විදුලි පංකාව ක්‍රියාත්මක කිරීමට ආරම්භය අතින් තල්ලුකර ලබා දීමටත් සිදුවනවා..ඉතින් දෝෂ සියල්ලටම හේතුව තමයි, විදුලි පංකාවේ ඇති Capacitor එක අක්‍රීය වීම.. එවිට ඔබ කල යුත්තේ එම Capacitor ගලවා ගෙන ගොස් එම අගයේම Capacitor එකක් අලුතෙන් ගෙන සවිකිරීමයි. මෙම Capacitor රවුම් සහ කොටු හැඩයෙන් තිබෙන්න පුළුවන්... Capacitor යේ අගය සමාන නම් එහි හැඩය බලනොපාන බවද මතක තබා ගැනීම වැදගත්..




