මේක ඉලෙක්ට්‍රොනික් දැනුම අඩු අයට ඉතාම වටිනා දෙයක්..ගොඩක් ඉලෙක්ට්‍රොනික් උපාංග මත එහි අගය මුද්‍රණය කර තිබුනත් රෙසිස්ටර් වල අගය දැක්වෙන්නේ රෙසිස්ටරය මත මුද්‍රණය කර ඇති වර්ණ තීරු වලින්. මෙම වර්ණ තීරු වලින් එහි අගය හදුනාගැනීමට වෙනමම කේත ක්‍රමයක් තිබුනත් ඉලෙක්ට්‍රොනික් විද්‍යාවට අලුතෙන් පිවිසුන කෙනෙකුට එය ටිකක් තේරුම් ගැනීම සංකීර්ණ වනවා..ඉතින් ඒ අය සදහා පහසුවෙන්ම රෙසිස්ටර් වල අගය සොයා ගැනීම සදහා Online Resistor Colour Code Calculator ක් මම ඉදිරිපත් කරන්න සිතුවා..
පහත දක්වා ඇති ලින්ක් එකෙන් Online Resistor Colour Code Calculator ට පිවිසෙන්න. ඉන් පසු ඔබට අගය සෙවීමට අවශ්‍ය රෙසිස්ටරයේ ඇති වර්ණ තීරු 4 තෝරන්න. එවිට Resistance Value: යන්න ඉදිරියෙන් රෙසිස්ටරයේ අගය දර්ශනය වනු ඇත.
