Tuesday, April 5, 2016

පරිගණක තාක්‍ෂණය 04

අපි කතා කරේ පරිගණකයකට වගේ අනිත් ඕනැම යන්ත්‍රයකට පොදු ආකෘතිය ගැනයි. 
නමුත් , අපි කලින් කිව්ව , පරිගණකයක් අනිත් යන්ත්‍ර වලින් වෙනස් වෙන්නේ එහි මතකයක් තිබිම නිසා කියල. ඒ නිසා පරිගණකයකටම අදාල ආකෘතිය , පොදු ආකෘතියේන් පොඩ්ඩක් වෙනස් වෙනව. ඒනම් , මේ ආකෘතියට මතකය කියන දේ එකතු වෙනව. ඒය , මේ පහලින් පෙන්වා තියේනව.

                                          මතකය. ( Memory ) 
                                                       |
                                                      V
ආදානය. ( Input ) ---> සැකස්ම / ක්‍රියාවලිය. ( Process ) ---> ප්‍රතිදානය. ( Output )

අනිත් යන්ත්‍ර වගේ නෙමේ පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ , එහි මතකයේ ඇති උපදෙස් වලට අනුවයි. මතකයේ තියේන උපදෙස් වෙනස් කරමින් අපට විවිධාකරයේ ප්‍රතිදාන ( Output ) ලබා ගන්න පුලුවන්. 

ආදාන උපාංග - යතුරු පුවරුව ( Key Board ) , සුපරික්සනය ( Scanner ) , මුසිකය ( Mouse ) , ඩිජිටල් කැමරාව ( Digital Camera ) , මයික්‍රොපෝනය / මයික් එක ( Microphone ) , Barcode Reader.

ප්‍රතිදාන උපාංග - මොනිටරය ( Monitor ) , ශබ්දවාහිනි ( Speakers ) , මුද්‍රණ යන්ත්‍රය ( Printer ) , Plotter.

ආදාන හා ප්‍රතිදාන කියන 2ටම Touch Screen එක භාවිතා වෙනව.