Sunday, September 5, 2021

230v Inverter

 

ඔබගේ නිවසේ විදුලිය ඇනහිටී අවස්ථාවක 12v කාර්  බැටරියක් ආධාරයෙන් 230v විදුලිය නිපදවිය හැකි Inverter පරිපථයක් තමයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ. TIP 122 ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ 2N 3055 ට්‍රාන්සිස්ටර් හතරකින් සහ CD 4047 IC උපාංගයක් මුලික කරගෙන  පරිපථය නිර්මාණය වී තිබෙන අතර, 2N 3055 ට්‍රාන්සිස්ටර් හතර සදහා අනිවාර්යෙන්ම වෙන වෙනම Heat Sink යෙදිය යුතු වනවා. ඒවාගේම පරිපථයේ පෙන්වා ඇති ට්‍රාන්ස්ෆෝමරය සදහා 230v වලින් ක්‍රියාකරන සාමාන්‍ය 9v Step Down ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න පුළුවන්. පරිපථය සාදාගැනීමෙන් අනතුරුව, පරිපථයේ පෙන්වා ඇති +12v ස්ථානයට සහ Earth සලකුණ ඇති ස්ථානයට 12v කාර් බැටරියක් හෝ 12v UPS බැටරියක් සවිකළ පසු, ට්‍රාන්ෆොමරයේ 230v AC Out ස්ථානයෙන් 230v ලබාගත හැක. මෙම ඉන්වර්ටරයේ Out Put එක 100w වන අතර මෙමගින් 9w CFL බල්බ 10 පමණ දැල්විය හැක.