Friday, December 6, 2019

IR Remote Switch...


පහතින් දක්වා තිබෙන්නේ, ඕනෑම විදුලි උපකරණයක් Remote Control එකක් මගින් On කිරීමටත් Off කිරීමටත් හැකි පරිපථයකි. පරිපථයේ L1 ලෙස රිලේ උපාංගය හරහා සවිකර ඇත්තේ 230v වලින් ක්‍රියා කරන බල්බයක් වන අතර එම බල්බය වෙනුවට ඕනෑම 230v වලින් ක්‍රියා කරන විදුලි උපකරණයක් සවිකර Remote Control එකක් මගින්  On කිරීමටත් Off කිරීමටත් හැකියි. TK 1838 IR සෙන්සර්  එක මේ සදහා භාවිතා කර ඇති අතර, එහි පින් හදුනාගන්නා ආකාරයද පරිපථයේ පසෙකින් පෙන්වා ඇත. Remote Control එක සදහා ඕනෑම IR  Remote Control එකක් භාවිතා කල හැක. පරිපථය සදහා වෝල්ට් 9 ත්  12 ත් අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැක.