Friday, May 4, 2018

රුපවාහිනී ඇන්ටෙනා තාක්‍ෂණය (04)


රුපවාහිනී විකාශනාගරයකින් ක්‍රම දෙකකට තම විකාශන කටයුතු සිදුකල හැක. ඒවානම්, Vertical Polarization සහ Horizontal Polarization වේ. රුපවාහිනී විකාශනාගරයකින් වැඩසටහන් විසුරුවාහරින ඇන්ටෙනාව සහ එම වැඩසටහන් ලබාගන්නා ඇන්ටෙනාවද  එක සමානවේ. Vertical Polarization සහ Horizontal Polarization ක්‍රමයට තරංග විසුරුවාහරින ආකාරය පහත රුපයෙන් ඔබට වඩාත් පැහැදිලි වනු ඇත.

යම්කිසි රුපවාහිනී විකාශනාගරයකින් තම විකාශන කටයුතු සිදු කරන්නේ Vertical Polarization ක්‍රමයට නම් එම වැඩසටහන් ලබාගන්නා ඇන්ටෙනා එකද Vertical ආකාරයට සවිකලයුතු වන අතර යම්කිසි රුපවාහිනී විකාශනාගරයකින් තම විකාශන කටයුතු සිදු කරන්නේ Horizontal  Polarization ක්‍රමයට නම් එම වැඩසටහන් ලබාගන්නා ඇන්ටෙනා එකද Horizontal  ආකාරයට සවිකලයුතු වේ. අපේ රටේ සියලුම රුපවාහිනී ආයතන තම විකාශන කටයුතු සිදුකරනු ලබන්නේ Horizontal  Polarization ක්‍රමයටයි. Horizontal  ආකාරයට සහ Vertical ආකාරයට ඇන්ටෙනා සවිකරන ආකාරය   පහත රුපයෙන් වඩාත් ඔබට අවබෝධ කරගත හැකිවනු ඇත.


 රුපවාහිනී ඇන්ටෙනා එකක කොටස්.  
 තවත් කොටසක් බලාපොරොත්තුවන්න...