මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ටොයෝටා සමාගම , 2017 එනම් ඉදිරි වර්ෂය සදහා පැමිණීමට නියමිත නවතම Prius Prime මෝටර් රථය හදුන්වාදී තිබෙනවා. දැනට ඇති Prius හයිබ්‍රිඩ් මෝටර් රථය මෙරට ඉතා ජනප්‍රිය වුවද, 2017 වර්ෂය සදහා පැමිණීමට නියමිත මෙම Prius Prime මෝටර් රථය සම්පුර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වීම මෙහි ඇති විශේෂත්වයක් වනවා.



