අද මම ඔබට ඉදිරිපත් කරන්නේ වෙලදපොලේ සීඝ්‍ර ඉල්ලුමක් ඇති බූස්ටර් ඇන්ටනා
කොහොමද හදන්නේ කියල...මේක ස්වයං රැකියාවක් විදියට ඉහල ආදායමක් ලබන්න
පුළුවන් දෙයක්.සාමාන්‍යයෙන් මෙම ඇන්ටනාවක වෙලදපොලේ විකුණුම් මිල රු.1750
පමණ වනවා..ඇත ඔබට මෙම ඇන්ටනාව රු.1000 ට අඩුවෙන් හදාගන්න පුළුවන්...තව
දෙයක් තමයි මෙම ඇන්ටනාවේ බූස්ටර් සර්කිට් එක ඔබටම හදා ගන්නත් පුළුවන්, එහෙම
නැත්නම් හදපු බුස්ටර් සර්කිට් එක කඩෙන් අරන් දාන්නත් පුළුවන්.. මෙම ක්‍රම
දෙකම මම ඔබට පහතින් ඉදිරිපත් කරලා ඇති..
ඇන්ටනා පෙට්ටි ආවරණ 01
Power Supply ආවරණ 01
ඇන්ටනා සර්කිට් 01
u බෝල්ට් 01
ඇන්ටනා ජැක් 03
ඇන්ටනා වයර් අවශ්‍ය පමණ.
ඇන්ටනා පෙට්ටි ආවරණ 01
Power Supply ආවරණ 01
ඇන්ටනා සර්කිට් 01
u බෝල්ට් 01
ඇන්ටනා ජැක් 02
ඇන්ටනා වයර් අවශ්‍ය පමණ.
අඩි 3 දිග ඇන්ටනා බට 02 (ඇලුමිනියම්)
අහල් 6 දිග අගල් 1/2 ඇලුමිනියම් බට කැබලි 2
ඇන්ටනාව එකලස් කරන ආකාරය.
Power Suppply සර්කිට් එක
Power Suppply සර්කිට් එකේ ට්‍රාන්ස්ෆෝමරය සදහා 12v මිලි ඇම්පියර් 300 පමණ එකක් භාවිතා කරන්න.
මෙම ඇන්ටන වයරයේ දෙකෙලවරට ඇන්ටනා ජැක් දෙකක් සවිකරන්න.
ඇන්ටනාව සවිකරන ආකාරය.
ඇන්ටනාවේ බුස්ටර් සර්කිට් එක ඔබම සාදා ගන්නේ නම් පහත සර්කිට් එක භාවිතා කරන්න.
MT යනුවෙන් සදහන්ව ඇත්තේ මැචින් ට්‍රාන්ස්ෆොමරයකි.
පහත පරිදි වටේට තහඩුවක් පාස්සා උපාංග ඇති පැත්තට ෆයිබර් ගම් වක්කරන්න.
සියලුම කොයිල් සදහා 21 SWG කොයිල් කම්බි වලින් මිලිමීටර් 4 විෂ්කම්භය සිටිනසේ පොටවල් 20 ඔතා ගන්න.
උපාංග ලබා ගත හැකි ස්ථාන,
Kumarasinha Radio,
87/3 & 6, Crystal Plaza,
First Cross Street,
Colombo 11.
Tel, 011 2478337
උපාංග ලබා ගත හැකි ස්ථාන,
Kumarasinha Radio,
87/3 & 6, Crystal Plaza,
First Cross Street,
Colombo 11.
Tel, 011 2478337
පෙට්ටි නිර්මාණය සදහා පහත රුපයෙන් අදහසක් ලබා ගන්න.




