Tuesday, October 27, 2015

Hybrid වාහන ගැන ඔබගේ සාමාන්‍ය දැනීමට.......

වර්තමානයේ  අපේ රටේත් Hybrid වාහන ඉතා වේගයෙන්  ජනප්‍රිය වෙමින් පවතිනවා..ඉතින් වාහන තිබෙන, නොතිබෙන ඕනෑම කෙනෙක්ට මේවායේ ක්‍රියාකාරීත්වය පිළිබද යම් අවබෝධයකින් සිටීම වැදගත් වේවි. Hybrid (දෙමුහුන්) වාහනයක් කියල කිව්වම අපි දන්නවා එය විදුලියෙන් මෙන්ම ඉන්ධන වලින්ද ධාවනය කල හැකි වාහනයක්  කියල. ඉතින් විදුලියෙන් ධාවනය වීමේදී එහි ක්‍රියාකාරිත්වයේ මුලික පදනම  වන්නේ බැටරියේ විදුලිය පාලන ඒකකයක් හරහා විදුලි මෝටරයකට ලබාදී වාහනය ධාවනය වීමයි. 
  
Hybrid Vehicle Battery
 
Hybrid වාහනයක් ඉන්ධන වලින් ධාවනය වන්නේ කෙසේද?
 
ගොඩාක් දෙනා සිතාගෙන සිටින්නේ Hybrid වාහනයක් ඉන්ධන වලින් ධාවනය වන්නේ සාමාන්‍ය වාහනයක තිබෙන ආකාරයේ එන්ජිමකින් කියලා... ඇත්තටම එය එසේ  නොවේ. Hybrid වාහනයක් බැටරියේ විදුලියෙන් ධාවනය නොවන අවස්ථාවලදී විදුලි  මෝටරයට  බලය සැපයෙන්නේ ජෙනරේටරයක් මගිනි. ඉතින් මෙම ජෙනරේටරය ක්‍රියාත්මක වන්නේ වාහනයේ ඇති එන්ජිම මගින් තමයි. මේ පිලිබදව පහතින් දක්වා ඇති රුපයෙන් ඔබට තව දුරටත් පැහැදිලි වේවි.
 
 
Hybrid Car Engine Room
 
Hybrid වාහනයක විදුලි පද්ධතිය ගැන කතා කරනවානම්, එහි කිසිදු ස්ථානයක සාමාන්‍ය වාහන වල මෙන් Glass Bulb නැහැ. බැටරියෙන් උපරිම කාර්යක්‍ෂමතාවය ලබා ගැනීම සදහා Head Light , Signal Light ඇතුළුව සෑම Light එකක් සදහාම භාවිතා කරන්නේ වාහන සදහාම විශේෂයෙන් සැකසු Led Bulb තමයි.