අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, යම්කිසි කම්පනයක් සිදුවූ වහාම ක්‍රියාත්මක වන Alarm පරිපථයක්. මෙම පරිපථය සදහාද යොදාගෙන තිබෙන්නේ ඔබට ඉතා හුරු පුරුදු LM 358 IC උපාංගයයි. මෙහි Shock Sensor එක සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ Shock Sensor එකක් භාවිතා කරන්න. Shock Sensor එක ඔබට අවශ්‍ය ස්ථානයක සවි කල විට එම ස්ථානයේ යම් කම්පනයක් සිදුවූ විගස පරිපථයේ ඇති බසරය නාද වනු ඇත. උදාහරණයක් ලෙස Shock Sensor එක ඔබ දොරකට සවි කළේ නම්, යමෙකු විසින් දොර ඇරීමට උත්සාහ කිරීමේදී බසරය නාද වනු ඇත. පරිපථය සදහා 3v වෝල්ටීයතාවයක් ලබා දෙන්න. වාහන ආරක්ෂක පද්ධති වලද මෙවැනි Shock Alarm එකක් අඩංගු වේ. පරිපථයේ ඇති 22k Preset එක මහින් ඔබට අවශ්‍ය පරිදි කම්පන සංවේදීතාවය සකසා ගත හැක.
Shock Sensor




