Thursday, April 9, 2015

ඔබේ නිවසටත් හිරු එළියෙන් විදුලිය ලබාගමු.( Solar Power System )

ඉතින් මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ නිවසට හිරු එළියෙන් විදුලිය ලබා ගන්න ක්‍රමයක්, ඒ කියන්නේ Solar Power System එකක් සාදා ගන්නා ආකාරය. අද කාලේ ගොඩක් දෙනෙකුට විදුලි බිල දරා  ගන්න අපහසුයි.ඉතින් මම ඔබට ඉදිරිපත් කරන මෙම Solar Power System එක  හදා ගත්තොත් ඔබට පුළුවන් වේවි ඔබගේ මාසික විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගන්න.


ඔබ අසා ඇති එහෙමත් නැත්නම් පුවත් පත් දැන්වීම් වලින් දැකල ඇති අපි රාත්‍රියට භාවිතා කරන විදුලි ඒකක ප්‍රමාණය දහවල් කාලයේදී Solar Power System එකකින් ලබාගෙන අපගේ නිවසේ විදුලි මීටරය හරහා විදුලි බල මණ්ඩලයට ලබා දෙන ක්‍රමයක් ගැන. මේ ක්‍රමයෙන් වෙන්නේ අපගේ විදුලි මීටරය ආපස්සට කරකැවෙන එක.එවිට රාත්‍රී කාලයේ විදුලිබල මණ්ඩලයෙන් ලබාගත් විදුලියට, දහවල් කාලයේ  Solar Power System  එකෙන් ලබාගත් විදුලිය විදුලිබල මණ්ඩලයට ලබා දීමෙන් හිලව් වෙනවා..මේකට කියන්නේ Solar  Net Metering System කියලා.. ඉතින් මෙම  Solar  Net Metering ක්‍රමයේ විදුලි පද්ධතියක් ඔබගේ නිවසේ ස්ථාපනය කරවා ගැනීමට ඔබට ඉතා ලොකු මුදලක් වැය  කරන්න වෙනවා. අඩුම තරමින් ලක්ෂ 8 වත් මෙම ක්‍රමයට වැය කරන්න ඔබට සිදු වේවි.

ඉතින් ඒ නිසා  Solar  Net Metering System ගැන නම් මම ඔබට කියල දෙන්නේ නෑ...මම ඔබට කියලා දෙන්නේ රුපියල් 15000/= වගේ ඉතාමත් අඩු මුදලකින්, රාත්‍රී කාලයට පමණක්  පැය 4 වගේ කාලයක් භාවිතා කල හැකි Solar Power System එකක් සාදා ගන්නා ආකාරයයි.ඉතින් රාත්‍රියේ මෙම පැය හතරක කාලය තුල ඔබ මණ්ඩලයේ විදුලිය භාවිතා නොකරන නිසා ඔබගේ මාසික විදුලි ඒකක ප්‍රමාණය නිතැතින්ම අඩු වනවා.

මෙම පැය හතරක කාලය තුල ඔබට පහත සදහන් විදුලි උපකරණ  භාවිතා කරන්න පුළුවන්..

* 7w CFL බල්බ් 5 හෝ 7w Led බල්බ් 8
* පැයක පමණ කාලයක්, Led හෝ Lcd රුපවාහිනී යන්ත්‍රයක්.
* පැයක පමණ කාලයක්, ඕනෑම විදුලි පංකාවක්.


ඉතින් මෙම Solar Power System එක භාවිතා කරන්න ඔබේ නිවසේ අමතර වයරින් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.ඔබගේ නිවසේ Main Switch එක off කරලා,  Solar Power System එකේ තිබෙන plug එක නිවසේ ඇති ඕනෑම plug base එකකට plug කර Solar Power System එකේ ඇති switch එක on කර,ඉහත උපකරණ පමණක් භාවිතා කරන්න පුළුවන්..  

Solar Power System එක සදහා අවශ්‍ය උපාංග. 
* 16v , 50w සෝලා පැනල් 01
* 12v DC Input to 230v AC Output ඉන්වර්ටර් 01
* 12v, ඇම්පියර් 35 කාර් බැටරියක් හෝ 12v , ඇම්පියර් 7 රිචාර්ජබල්

    බැටරි 05

 16v , 50w සෝලා පැනල් 01

 12v DC Input to 230v AC Output ඉන්වර්ටර් 01
 
12v, ඇම්පියර් 35 කාර් බැටරියක් හෝ 12v , ඇම්පියර් 7 රිචාර්ජබල්
    බැටරි 05




 ඉහත උපාංග පහත රුපය අනුව සවිකර ගන්න. සවි කිරීමට භාවිතා කරන වයර් සදහා සාමාන්‍ය PVC ඩබල් වයර් වුවද සැහේ.

දහවල් කාලයේදී සෝලා පැනල් එක මගින් බැටරිය චාර්ජ් වන අතර බැටරිය චාර්ජ් වූ පසු සෝලා පැනලයේ සිට බැටරියට එන වයරය ගලවා දමන්න.
බැටරියේ පියන් ඇර බැලු  විට බැටරි ඇසිඩ් තුලින් බුබුළු නගී නම් බැටරිය චාර්ජ් වී ඇති බව  අවබෝධ කරගත හැක.


සෝලා විදුලි පද්ධතිය එකලස් කර ක්‍රියාත්මක කරන ආකාරය තව දුරටත් විස්තරාත්මකව පහත Video 4 තුලින් බලන්න.                බැටරිය සෝලා පැනල් එක මගින් චාර්ජ් වූ පසු සෝලා පැනලයේ සිට බැටරියට එන වයරය ගලවා දැමීම ඔබට අපහසුතාවයක් සේ දැනේ නම් පහත ආකාරයේ සෝලා චාර්ජ් කොන්ට්‍ රෝල් යුනිට් එකක් සවිකරගත හැක. එවිට බැටරිය චාර්ජ් වූ පසු සෝලා පැනලයේ සිටබටරියට එන විදුලිය ස්වයන්ක්‍රියව නවතා දමයි. 

  සෝලා චාර්ජ් කොන්ට්‍රෝල් යුනිට් එකක්

  සෝලා චාර්ජ් කොන්ට්‍රෝල් යුනිට් එකක් සමග සෝලා විදුලි පද්ධතිය එකලස්  කරන ආකාරය 



ඔබ 12v , ඇම්පියර් 7 රිචාර්ජබල් බැටරි 05 භාවිතා කරන්නේ නම් පහත ආකාරයට එම බැටරි 5 සමාන්තරගතව සම්බන්ධ කරගන්න.
සෝලා පැනල් මිලදී ගත හැකි ස්ථාන,

Seeds (Grant) Company,
No.20,
Rawathawatta Road,
Moratuwa.
Tel. 0115238720
       0773757863

Unitech Trading (pvt) Ltd,
No.15,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2334100

ඉන්වර්ටර්ස්, චාර්ජ් කොන්ට්‍රොලර්ස් සහ බැටරි මිලදී ගත හැකි ස්ථාන,

Micro Electronics,
No.56,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2433549


Unitech Trading (pvt) Ltd,
No.15,
1st Cross Street,
Colombo 11.
Tel. 011 2334100