Wednesday, September 4, 2019

IC Base භාවිතා කිරීමේ වැදගත්කම...


වර්තමානයේ බොහෝ ඉලෙක්ට්‍රොනික්  පරිපථවල  ඉතා සුලභ ලෙස IC භාවිතා වනවා. IC කියන කෙටි යෙදුමෙන් අදහස් වන්නේ Integrated Circuit යන්නයි. එනම් මෙයද ඉතා සියුම් පරිපථයක්.තවත් විදිහකින් මෙය සිලිකන් චිප් ආදියෙන් සැදුම්ලද  ඒකකයක් ලෙසද හැදින්විය හැකි වනවා... පහතින් දක්වා ඇති රුපයෙන් ඔබට මෙය වඩාත් හොදින් තේරුම් ගත හැකිවනු ඇත.

 ඉතින් ඔබ යම්කිසි පරිපථයක උපාංග  ඊයම් යොදා පාස්සන විට ඔබ භාවිතා කරන බවුත් එකේ තාපය එම කම්බි දිගේ එම උපාංගයට   ගමන් කර එම උපාංගයද රත්වීමට ලක්වීම සාමාන්‍ය දෙයක්. යම්කිසි පරිපථයක IC පාස්සන විටද තත්වය එසේමයි. එනම් බවුත් එක තාපය IC එකතුලට ගොස් එයද අධික රත්විමකට ලක්වනවා...මෙම අධික රත්වීම නිසා IC උපාංගය තුල ඇති ඉතා සියුම් සිලිකන් චිප් ආදිය විනාශ විය හැකියි. ඉතින් මෙම තත්වය මගහැරීමට උපක්‍රමයක් ලෙස අපට IC Base භාවිතා කරන්න පුළුවන්.මම පහතින් දක්වා තිබෙන්නේ එවැනි IC Base එකක්..
විවිධ Pin ගණනින් යුතු IC Base කිහිපයක් පහතින්......
 එවිට ඔබ කල යුත්තේ පරිපථය පෑස්සිමේදී එම පරිපතයට අදාල IC එක පාස්සනු වෙනුවට එම IC එකේ Pin ගණනට  සමාන IC Base එකක් පෑස්සිමයි.  පරිපථය සම්පුර්ණයෙන්ම පාස්සා අවසන් වූ පසු, IC Base එකේ උඩ  පැත්තේ ඇති ඇති සිදුරු තුලට,IC එකේ පින් ඇතුළුවන පරිදි තබා IC එක ඇගිල්ලෙන් තදින් තද කලවිට IC එක ,IC Base එකට හොදින් සවිවනු ඇත.
IC Base භාවිතා කිරීමේ තවත් වාසියක් වන්නේ, එම පරිපථයේ යම්කිසි අලුත්වැඩියාවකදී, එම IC එක ගලවා ඉතා පහසුවෙන් අලුත් IC එකක් සවිකළ හැකි වීමයි. උදාහරණයක් ලෙස ම පහතින් ඉදිරිපත් කර ඇති පරිපථය දෙස බලන්න. එහි IC එක ගලවා  ඉවත් කිරීම මොන තරම් සංකීර්ණ  කාර්යක්ද කියා ඔබට වැටහෙනු ඇත. එහෙත් එයට IC Base එකක් යොදා ඇත්නම්, එය ඉතා පහසු කාර්යක් වනු ඇත.