අද මම අරගෙන ආවේ ඔබට තවත් ඉතාමත් ප්‍රයෝජනවත් පරිපථයක්. එනම්, Voltage Stabilizer එකක්. 230v විදුලියෙන් ක්‍රියාත්මක වන,අප එදිනෙදා භාවිතා කරන විදුලි උපකරණ වලට, විදුලි පද්ධතියේ සිදුවන වෝල්ටීයතාවය ඉහල පහල යාම නිසා හානි සිදුවීමට බොහෝ විට ඉඩකඩ පවතිනවා. ඉතින් මෙම Voltage Stabilizer පරිපථය මගින්, විදුලි පද්ධතියේ වෝල්ටීයතාවය ඉහල ගියද පහල ගියද, එය ස්වයංක්‍රියව හසුරවාගෙන, ඔබගේ විදුලි උපකරණයට 230v විදුලිය සැපයීමට සමත්. විශේෂයෙන්ම රුපවාහිනී සහ ශීතකරණ වලට මෙම විදුලිය ඉහල පහල යාම නිසා හානි සිදුවන්නට වැඩි ඉඩක් පවතිනවා. ඉතින් මෙම Voltage Stabilizer පරිපථයක් හරහා මෙම උපකරණ වලට විදුලිය සැපයීමෙන් ඒවා ආරක්ෂා කරගත හැකි වනවා.
Parts List
R1, R2 = 10K
R3 = 470K
C1 = 1000 uF / 25 V
D1, D2 = 1N4007
T1 = BC547
TR1 = 0 – 12 V, 500 mA
TR2 = 9 – 0 – 9 V, 5 Amp
IC1 = 741
Z1, Z2 = 4.7V/400mW
Relay = DPDT, 12 V, 200 or more OhmsZ1, Z2 = 4.7V/400mW
පරිපථය ප්‍රධාන වශයෙන්, ට්‍රාන්ස්ෆෝමර දෙකකින් සහ IC උපාංගයකින් සහ ට්‍රාන්සිස්ටරයකින් සහ රිලේ උපාංගයකින් සමන්විත වනවා. LM 741 IC උපාංගයේ සමනය පෙනුම සහ එහි පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.



