මෙම පාඩම් මාලාවෙන් මම ඔබට මුලින්ම ඉදිරිපත් කරන්නේ, මහජන ඇමතුම් පද්ධති සදහා භාවිතා කරන මයික් වල ඇති කනෙක්ටර්ස් පිලිබදවයි. ඔබ මයික් මිලදී ගන්න විට, මයික් එක සමග මයික් වයරයද, මයික් එක මයික් ස්ටෑන්ඩ් එකක් මත රැදවීමට අවශ්‍ය මයික් හෝල්ඩරයද ඔබට ලැබෙනු ඇත. මේ සියල්ල කුඩා රෙක්සින් පර්ස් එකක දම ඇත. ඔබට ලැබෙන මයික් වයරයේ දෙකෙළවර ඇත්තේ එකිනෙකට වෙනස් ජැක් දෙකකි. එනම් එක කෙළවරක ඇති ජැක් එක XLR ජැක් එකක් වශයෙන් හදුන්වන අතර, අනෙක් කෙලවරේ ඇති ජැක් එක සාමාන්‍ය මයික් ජැක් එකක් වේ. එය පහත රුපය මගින් ඔබට හදුනා ගත හැකිවනු ඇත.
මෙම මයික් වයරයේ ඇති XLR ජැක් එක මයික් එකට සවිවන අතර, අනෙක් කෙලවරේ ඇති මයික් ජැක් එක ඇම්ප්ලිෆයරයේ මයික් සවිකරන ජැක් බේස් එකට සවිවේ. XLR ජැක් එක සවිකිරීමේදී, XLR ජැක් එකේ ඇති කුඩා බොත්තම තදකරගෙන XLR ජැක් එක සවිකළ යුතු අතර, XLR ජැක් එක මයික් එකෙන් ගැලවිමේදීද මෙම බොත්තම තද කරගෙන ගැලවිය යුතුවේ.
ඔබට මයික් එක මිලදී ගැනීමේදී ලැබෙන මයික් වයරය දිගින් ප්‍රමාණවත් නොවේ නම්, අවශ්‍ය දිගින් යුතු මයික් වයර් ඔබටම සාදා ගත හැක. ඒ සදහා අවශ්‍ය මයික් වයර්, XLR ජැක් සහ මයික් ජැක් ඔබට වෙළද පොලෙන් මිලට ගත හැක. මෙහිදී මයික් වයර් මිලට ගැනීමේදී, ඉතා උසස් තත්වයේ මයික් වයර් මිලට ගැනීමට ඔබ මතක තබා ගත යුතුවේ. ප්‍රමිතියෙන් තොර බාල මයික් වයර් යෙදීමෙන් ඇතිවන අවසාන ප්‍රථිපලය වනුයේ, ස්පිකර්ස් තුලින් හම් එකක් ඇති වීමයි. ඉතා උසස් තත්වයේ මයක් වයරයක් ලෙස Ahuja මයික් වයර් හැදින්විය හැක. මෙම මයික් වයර් මීටරයක මිල රු.120 පමණවේ. මෙම Ahuja මයික් වයර් වල මතුපිට කළු පැහැයෙන් යුක්ත වන අතර ඒ මත සුදු පැහැති සිහින් ඉරක් දැකිය හැකිවේ. ඔබ මයික් වයරයක් සාදා ගැනීමේදී මීටර් 30 කට වඩා වැඩි දිගකින් යුතු මයික් වයර් සාදා නොගැනීමට මතක තබා ගන්න. මයික් වයරය මීටර් 30 කට වඩා දිග වුවහොත් එහිදීද අවසන් ප්‍රථිපලය වන්නේ ස්පිකර්ස් තුලින් හම් එකක් ඇතිවීමයි.


