Thursday, June 3, 2021

Wireless Mains Voltage Tester...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ වයර් රහිත Mains Voltage Tester පරිපථයක්. මෙය Seven Segment ඩිස්ප්ලේ එකකින් සමන්විත වන අතර CMOS කාණ්ඩයේ IC උපාංගයක් වන CD 4033 IC උපාංගය මෙම පරිපතයට භාවිතා කර තිබෙනවා. Seven Segment ඩිස්ප්ලේ එකේ පින් හදුනාගන්න ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත. පරිපථය සදහා පහතින් පෙන්වා ඇති ආකාරයේ 9v PP3 බැටරියකින් විදුලිය සැපයිය හැක. පරිපථයේ පෙන්වා ඇති Sensing Probe එක සදහා සෙන්ටිමීටර් 10 දිග ආවරණය සහිත කොපර් වයර් කැබැල්ලක් භාවිතා කරන්න.


CD 4033 IC උපාංගයේ පින් හදුනාගන්න ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත. පරිපතයට විදුලිය සපයා, විදුලි රැහැනක් (වයරයක් ) ආසන්නයට, පරිපථයේ Sensing Probe එක කිට්ටු කල විට විදුලි රැහැනේ විදුලිය ඇත්නම්,  Seven Segment ඩිස්ප්ලේ එකේ 1 සිට 9 දක්වා පිළිවෙලට Count වනු ඇත. මෙය නොනවත්වා සිදුවේ. විදුලි රැහැනක් (වයරයක් ) ආසන්නයට, පරිපථයේ Sensing Probe එක කිට්ටු කල විට විදුලි රැහැනේ විදුලිය නැතිනම්,  Seven Segment ඩිස්ප්ලේ එකේ, කිසිදු පිළිවෙලකින් තොරව අහබු ලෙස Count වේ. 
9v PP3 Battery