අප එදිනෙදා භාවිතා කරන විදුලි උපකරණ, ජාතික විදුලි පද්ධතියේ ඇතිවන වොල්ටියතාවයේ අඩු වැඩි වීම් නිසා හානියට පත්වීමට තිබෙන ඉඩ කඩ ඉතාම වැඩියි. ඉතින් එම ගැටලුවෙන් ඔබගේ විදුලි උපකරණ ආරක්ෂා කරගත හැකි Over Voltage & Low Voltage Protection පරිපථයක් තමයි පහතින් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මෙම පරිපථයේ රිලේ උපාංගය හරහා ඕනෑම විදුලි උපකරණයක් සවි කලාම, ජාතික විදුලි පද්ධතියේ වෝල්ටීයතාවය අඩු වීමකදී මෙන්ම, ජාතික විදුලි පද්ධතියේ වෝල්ටීයතාවය වැඩි වීමකදීද විදුලි උපකරණයට විදුලි සැපයීම ස්වයන්ක්‍රියව නවතා දමන නිසා ඔබගේ විදුලි උපකරණය ආරක්ෂා වනවා.
පරිපථය විශාල කර බැලීම සදහා, පරිපථය මත Click කරන්න.
පරිපථයේ IC1 ලෙස ඇත්තේ, LM 7812 Voltage Regulator IC එකක් වන අතර, පරිපථයේ IC 2/1, IC 2/2 ලෙස සදහන්ව ඇත්තේ LM 324 එකම IC එක කොටස් දෙකක් වශයෙනි. LM 7812 Voltage Regulator IC එකට අනිවාර්යෙන්ම Heat Sink එකක් යෙදීම කල යුතුවේ.
මෙම Power Guard නිෂ්පාදනය ස්වයං රැකියාවක් ලෙස වුවද ඉතාමත් සාර්ථකව කල හැක.




