අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ස්පීකර් හතරකින් යුත් 30w Car Audio Amplifier පරිපථයක්. TDA 7386 IC උපාංගය පාදක කර ගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථයට ලබාදිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. මෝටර් රථයේ බැටරියෙන්ම එය ලබා දිය හැක. ස්පීකර් සදහා 10w ස්පිකර් හතරක් භාවිතා කරන්න. TDA 7386 IC උපාංගය සදහා ඉතා හොද Heat Sink එකක් භාවිතා කල යුතු අතර ඊට අමතරව හැකිනම් පහත පෙන්වා ඇති ආකාරයේ Cooling Fan එකක්ද යෙදීමට හැකිනම් වඩාත් හොදයි.




