මෙම USB Led Lamp පරිපථය ඔබට ගොඩක් වැදගත් පරිපථයක් වේවි. රාත්‍රී කාලයේදී ඔබ පරිගණකයේ වැඩ කරන විට, පරිගණකය ඇති කාමරයේ විදුලි පහන නිවා දමා, පරිගණකයෙන් වැඩකිරීමට Keyboard එකට අවශ්‍ය ආලෝකය මෙම USB Led Lamp එක තුලින් ලබා ගන්න පුළුවන්. ඔබට ඉතා හුරු පුරුදු BC 558 ට්‍රාන්සිස්ටරයක් අනුසාරයෙන් මෙම පරිපථය නිර්මාණය වී තිබෙනවා. පහතින් ඉදිරිපත් කර ඇත්තේ මෙම පරිපතයයි.
පරිපථයේ D3 Led ලෙස සදහන්ව ඇත්තේ,පරිගණකයේ USB Port එකට මෙම පරිපථය සවිකලවිට එම සම්බන්ධතාවය ලැබුණු බව අගවන Led බල්බයකි. පරිපථයේ B1 ලෙස සදහන්ව ඇත්තේ, නැවත ආරෝපණය කළහැකි ආකාරයේ නිකල් කැඩ්මියම් බැටරි දෙකකි. එනම් මෙම පරිපථය සාදා පරිගණකයේ USB Port එකට සවිකළ විට මෙම නිකල් කැඩ්මියම් බැටරි දෙක ආරෝපණය වන අතර, පරිපථයේ S1 ලෙස දක්වා ඇති ස්විචය ON කලවිට D4 සහ D5 වශයෙන් සදහන්ව ඇති සුදු පැහැති Led බල්බ දෙක දැල්වේ.. බැටරි ආරෝපණය වී ඇති අවස්ථා වලදී, මෙම පරිපථය පරිගණකයේ USB Port එකෙන් ගලවා තබා වුවද භාවිතා කල හැක.
USB Port එකට සම්බන්ධතාවය ලබාදීමට Pin හදුනාගැනීම සදහා පහත රුපය උපයෝගී කරගන්න.
BC 558 Transistor
Ni-Cd Battery




