CCTV කැමරා පද්ධති සවිකිරීම සහ අන්තර්ජාලයෙන් බැලීම...
CCTV කැමරා පද්ධති වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී . ඒ සදහා අවශ්‍ය උපාංග දැන් වෙළද පොලෙන් මිලට ගත හැකි අතර ඉතා පහසුවෙන් එම කැමරා පද්ධති අපටම සවිකර ගත හැක. ස්වයං රැකියාවක් ලෙසද මෙම CCTV කැමරා පද්ධති සවිකිරීම තුලින් ඔබට ඉතා ඉහල ආදායමක් ඉපයිය හැක. සාමාන්‍යයෙන් CCTV කැමරා 4 ක පද්ධතියක් සදහා රු.75000 පමණ මුදලක් අයකරනු ලබනවා. ඒත් ඔබට මෙම උපාංග සදහා වැය වන්නේ රු.35000 පමණ මුදලක් තමයි.

ඇතැම් විට ඔබ සිතනවා ඇති, CCTV කැමරා පද්ධති සවිකිරීම කියන්නේ ඉතා සංකීර්ණ කටයුත්තක් කියලා. ඇත්තටම මේ තුල සංකීර්ණ තාක්ෂණ ක්‍රමවේදයන් කිසිවක් නැහැ. උදාහරණයක් ලෙස සිතන්න, ඔබ ඔබගේ නිවසට Sound Setup හෝ Home Theater එකක් ගෙනාවා කියල. ඉතින් ඒ ඒ තැන්වල ස්පිකර් සවිකරලා ඒවාට වයර් ඇදලා Sound Setup එකට හෝ Home Theater එකට Supply දීලා එය ක්‍රියාත්මක කරන්නේ ඔබම නේද? ඉතින් CCTV කැමරා පද්ධති සවිකිරීමත්, මේ හා සමානම ක්‍රියාවලියක් තමයි. සමාජයේ වෙළද දැන්වීම් තුලින් මෙය ඉතා බැරෑරුම් කටයුත්තක් සේ හුවා දැක්වුවද මෙය ඉතා සරල ක්‍රියාදාමයක්.
CCTV යනු කුමක්ද?
CCTV යනු Closed Circuit Television යන්නයි.එනම් මෙය සංවෘත පරිපථ රුපවාහිනී ක්‍රමයකි.එනම් තෝරාගත් ස්ථාන කීපයක කැමරා සවිකර, එම කැමරා වයර් මගින් DVR නම් වූ උපකරණයකට සම්බන්ධ කරගනිමින් DVR උපකරණයේ එම දර්ශන ගබඩා කර ගැනීමයි.DVR උපකරණයට Computer Monitor එකක් හෝ TV එකක් සවිකර එම දර්ශන සජීවීව නැරබීම හෝ ගබඩා වූ දර්ශන නැරබීම කල හැක.
පහත රුපයෙන්, CCTV කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබද දල අදහසක් ඔබට ලබාගත හැක. කැමරා සහ Computer Monitor එක වයර් මගින් DVR උපකරණයට සම්බන්ධ කර ඇති ආකාරයත්, කැමරා සහ DVR එකට 12v විදුලියක් ලබාදිය බවත් ඔබට පෙනෙනවා ඇති.
CCTV කැමරා පද්ධතියක් සදහා අවශ්‍ය උපකරණ සහ උපාංග.
(1) CCTV කැමරා අවශ්‍ය පමණ.
(2) DVR ( Digital Video Recorder ) එකක්.
(3) Hard Disc එකක්.
(4) BNC ජැක්. ( එක කැමරාවකට 2 බැගින් )
(5) 12 v පවර් ඇඩප්ටර් හෝ පවර් සප්ලයි.
(6) 3c 2v ඇන්ටන වයර් අවශ්‍ය පමණ.
(7) Network Cable එකක්.
(2) DVR ( Digital Video Recorder ) එකක්.
(3) Hard Disc එකක්.
(4) BNC ජැක්. ( එක කැමරාවකට 2 බැගින් )
(5) 12 v පවර් ඇඩප්ටර් හෝ පවර් සප්ලයි.
(6) 3c 2v ඇන්ටන වයර් අවශ්‍ය පමණ.
(7) Network Cable එකක්.
CCTV කැමරා.
CCTV කැමරා නිෂ්පාදිත ක්‍රමය අනුව වර්ග දෙකකි.එනම් SD සහ HD වශයෙනි. SD කැමරාවක සම්මත තිත් ( Pixels ) ගණන වන්නේ Pixels 320 කි. HD කැමරාවක සම්මත තිත් ( Pixels ) ගණන වන්නේ Pixels 720 කි. එනම් SD කැමරාවකට වඩා HD කැමරාවක දර්ශන උසස් තත්වයෙන් පවතී.
SD හෝ HD කැමරා භාවිතා කරන පරිසරය අනුව නැවත කොටස් දෙකකට බෙදේ.එනම්,
(1) In Door Camera ( ඇතුලත සවිකරන කැමරා )
(2) Out Door Camera ( පිටත සවිකරන කැමරා )
(2) Out Door Camera ( පිටත සවිකරන කැමරා )
ඕනෑම කැමරාවක එම කැමරාවේ ඇති කාචයේ ප්‍රමාණය මිලිමීටර් වලින් සටහන් කර ඇත. එම කාචයේ ප්‍රමාණය විශාලවත්ම කැමරාවේ ආවරණ කලාපයද විශාල වී පෙනෙනු ඇත. තවද CCTV කැමරාවක ඇති කාචයේ ප්‍රමාණය අනුව, එම කැමරාවෙන් පෙනෙන උපරිම දුර මීටර් වලින්, මා පහතින් ඉදිරිපත් කර ඇත.
කාචය 25 mm නම් - පෙනෙන උපරිම දුර මීටර් 50 - 80 අතර.
කාචය 16 mm නම් - පෙනෙන උපරිම දුර මීටර් 40 - 50 අතර.
කාචය 12 mm නම් - පෙනෙන උපරිම දුර මීටර් 30 - 35 අතර.
කාචය 8.0 mm නම් - පෙනෙන උපරිම දුර මීටර් 20 - 25 අතර.
කාචය 6.0 mm නම් - පෙනෙන උපරිම දුර මීටර් 10 - 12 අතර.
කාචය 3.6 mm නම් - පෙනෙන උපරිම දුර මීටර් 03 - 04 අතර.

In Door Camera
Out Door Camera
පහත රුපයේ පරිදි ඕනෑම CCTV කැමරාවක වයර් සහිත ජැක් දෙකක් ඇත. ඉන් එක වයරයක් DVR එකට සවිවන අතර අනෙක් වයරය විදුලිය සපයන 12v පවර් ඇඩප්ටරයට හෝ පවර් සප්ලයි එකට සවිවේ.
DVR ( Digital Video Recorder )
කැමරා වලින් ලැබෙන දර්ශන DVR එක තුල ඇති Hard Disk එකේ ගබඩා කරගනු ලබයි. මෙම DVR ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරාගත යුතුයි. සවිකිරීමට බලාපොරොත්තු වන කැමරා ගණන අනුව එයට සරිලන DVR මිලටගත යුතුයි.
කැමරා වලින් ලැබෙන දර්ශන DVR එක තුල ඇති Hard Disk එකේ ගබඩා කරගනු ලබයි. මෙම DVR ඔබගේ අවශ්‍යතාවය අනුව තෝරාගත යුතුයි. සවිකිරීමට බලාපොරොත්තු වන කැමරා ගණන අනුව එයට සරිලන DVR මිලටගත යුතුයි.
කැමරා 4 ක් සවි කල හැකි DVR
කැමරා 8 ක් සවි කල හැකි DVR
කැමරා16ක් සවි කල හැකි DVR
කැමරා 4 ක් සවි කල හැකි DVR එකක් 4 Channel DVR එකක් ලෙස හදුන්වයි.
කැමරා 8 ක් සවි කල හැකි DVR එකක් 8 Channel DVR එකක් ලෙස හදුන්වයි.
කැමරා 16 ක් සවි කල හැකි DVR එකක් 16 Channel DVR එකක් ලෙස හදුන්වයි.

DVR එකට, නියමිත කැමරා ගණනට අඩුවෙන් වුවද සවිකළ හැක. එනම් 4 Channel DVR එකකට කැමරා 2 ක් වුවද සවි කල හැක. සෑම DVR එකක් මිලට ගැනීමේදී DVR එකට අදාල Remote Controller එක සහ DVR එකට විදුලිය ලබාදීම සදහා 12v පවර් පැක් එකක් සහ Mouse එකක් ඔබට ලැබෙනු ඇත.
DVR එකක පසු පස පෙනුම පහතින් ඉදිරිපත් කර ඇත.
A - Mouse එක හෝ Pen Drive එක සවි කිරීමට ඇති USB Port එක.
B - කැමරා වලින් එන වයර් 4 සවි වන Video IN ස්ථාන හතර.
C - කැමරා වලින් ලැබෙන දර්ශන TV එකකින් නරබන්නේ නම්, Video
Out ස්ථානය.
D - කැමරා අසල Mic සවිකර තිබේනම්, එම Mic වයරය සවිවන Audio
In ස්ථානය.
E - Audio Out ස්ථානය.
F - DVR එක අන්තර්ජාලය හා සම්බන්ධ කරන Network Cable Port
එක.
G - කැමරා වලින් ලැබෙන දර්ශන Computer Monitor එකකින්
නරබන්නේ නම්, VGA Cable එක සවිවන ස්ථානය.
H - DVR එකට 12v Supply ලබාදෙන ස්ථානය.
I - ON / OFF ස්විචය.
Hard Disk එක.
ඔබ DVR එක මිලට ගැනීමේදී එය තුල Hard Disk එකක් සවිකර නොමැති අතර, Hard Disk එකක් මිලට ගත යුතු වේ. කැමරා වලින් ලැබෙන දර්ශන ගබඩා කරගනු ලබන්නේ Hard Disk එක තුලයි. සෑම DVR එකක් තුලම Hard Disk එකක් සවි කිරීමට වෙන ඉඩක් පවතී. Hard Disk එක DVR එක තුල සවිකිරීමට අවශ්‍ය වන ඇන 4 ද , Hard Disk එක මිලට ගැනීමේදී ලැබෙනු ඇත. පහත රුප වලින් Hard Disk එකක් සහ, Hard Disk එක DVR එක තුල සවි කර ඇති ආකාරය පෙන්වා ඇත. තවද Hard Disk එක DVR එකට සවි කරන ආකාරය ඉදිරියේදී Video වලින් ඉදිරිපත් කර ඇති අතර එය නැරබීමෙන් ඔබට හොද අවබෝධයක් ලබා ගත හැක.

Hard Disk එක DVR එක තුල සවි කර ඇති ආකාරය
විවිධ ධාරිතාවයන්ගෙන් යුත් Hard Disk පවතින අතර, ඔබ සවි කරන කැමරා ගණන අනුව Hard Disk එකේ ධාරිතාව තීරණය කල යුතුවේ. දර්ශන ගබඩාකර තබාගත හැකි කාලයද ,ඔබ යොදන Hard Disk එකේ ධාරිතාවය මත රදා පවතී. තවද Hard Disk ලබා ගත හැකි ධාරිතාවයන් පහතින් ඉදිරිපත් කර ඇත.
4 Channel DVR එකක් සදහා - 500GB
8 Channel DVR එකක් සදහා - 500GB
16 Channel DVR එකක් සදහා - 1TB
32 Channel DVR එකක් සදහා - 2TB
CCTV කැමරා Power Supply ....
CCTV කැමරා සදහා 12v විදුලියක් ලබාදිය යුතු අතර, ඔබට මෙය ක්‍රම දෙකකට සිදු කල හැක. ඉන් එක ක්‍රමයක් වන්නේ මම පහතින් පෙන්වා ඇති ආකාරයේ 12v 1A පවර් ඇඩප්ටර් වලින් සෑම කැමරාවකටම විදුලිය සැපයීමයි. එනම් කැමරා 8 ක් තිබේනම් 12v 1A පවර් ඇඩප්ටර් 8 ක් අවශ්‍ය වේ.

අනෙක් ක්‍රමය නම්, සියලුම කැමරා සදහා 12v පොදු Power Supply එකක් භාවිතා කිරීමයි. පහත රුපයෙන් පෙන්වා ඇත්තේ එවැනි Power Supply වර්ග දෙකකි.
මෙම ක්‍රමයේදී, විදුලිය සැපයීමට බලාපොරොත්තු වන කැමරා ගණන අනුව 12v Power Supply එකේ ඇම්පියර් ගණන වෙනස් වේ. එම නිසා, කැමරා ගණන අනුව ඔබ ලබාගත යුතු 12v Power Supply එකේ තිබිය යුතු ඇම්පියර් ප්‍රමාණය මම පහතින් ඉදිරිපත් කර ඇත.
කැමරා 4 ක් නම් - 12v 5A Power Supply එකක් භාවිතා කරන්න.
කැමරා 8 ක් නම් - 12v 10A Power Supply එකක් භාවිතා කරන්න.
කැමරා 16 ක් නම් - 12v 20A Power Supply එකක් භාවිතා කරන්න.
කැමරා 32 ක් නම් - 12v 40A Power Supply එකක් භාවිතා කරන්න.
පොදු Power Supply එකක් කිරීමේදී, Power Supply එකේ සිට කැමරා වලට විදුලිය සැපයීමට පහත ආකාරයේ Twin Wire එකක් භාවිතා කල හැක.

BNC ජැක්.( Bayonet Neill–Concelman )
CCTV කැමරාවත් DVR එකත් සම්බන්ධ ලබන්නේ,මෙම BNC ජැක් මගිනි.එක කැමරාවක් සම්බන්ධ කිරීමට BNC ජැක් දෙකක් අවශ්‍ය වේ.එනම් 3c 2V ඇන්ටනා වයරයක් අවශ්‍ය ප්‍රමාණයට ගෙන දෙකෙලවරට BNC ජැක් දෙකක් සවිකරගත යුතුවේ.
BNC ජැක් එකක්.
3c 2V ඇන්ටනා වයරයක දෙකෙලවරට BNC ජැක් දෙකක් සවිකර ඇති ආකාරය. සෑම කැමරාවකටම මෙවැනි වයරය බැගින් අවශ්‍ය වේ.
3c 2V ඇන්ටනා වයර්.
CCTV කැමරාවත් DVR එකත් සම්බන්ධ කිරීමට යොදාගන්නේ මෙම 3c 2V ඇන්ටනා වයර් වේ. මෙම වයර් BNC ජැක් වලට සවි කරන ආකාරය ඉදිරියේ ඇති Video වලින් බලන්න.
Network Cable.
DVR එක අන්තර්ජාලය හා සම්බන්ධ කරනු ලබන්නේ මෙම Network Cable මගිනි. මෙම චාබ්ලේ එකේ එක කෙළවරක් DVR එකටත්, අනෙක් කෙලවර Internet Router එකටත් සවිකරනු ලැබේ.
පහත දැක්වෙන්නේ CCTV කැමරා පද්ධතියක වයර් සවිවන ආකාරයයි. මෙහිදී සෑම කමරවකටම 12v විදුලි සැපයුමක් ලබාදිය යුතුයි.
CCTV කැමරා වල දර්ශන Computer එකෙන් බැලීම.
මේ සදහා ඔබට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතු අතර, එම සබදතාවය Web Starter පැකේජය හෝ ඉන් ඉහල පැකේජයක් විය යුතුය. මින් කලකට ඉහත දී නම් CCTV කැමරා වල දර්ශන Computer එකෙන් බැලීම සදහා වාර්ෂිකව අන්තර්ජාලයෙන් මුදල් ගෙවා DDNS පහසුකම් ලබාගත යුතු වූ අතර, වෙළද පොලට DDNS Free DVR පැමිණීමත් සමග, DDNS පහසුකම මුදල්ගෙවා ලබාගැනීම යල් පැනගිය ක්‍රමයක් බවට පත්ව ඇත.
ඔබ DVR මිලට ගැනීමේදී සැමවිටම DDNS free ,DVR එකක් මිලට ගැනීමට වගබලා ගත යුතුයි. පහතින් මම පෙන්වා ඇත්තේ, DDNS පහසුකම නොමිලයේ ලබාදෙන ESee වර්ගයේ DVR එකකි.
මෙම ESee වර්ගයේ DVR, පිටකොටුවේ පළමු හරස් විදියේ නො.86 දරන ස්ථානයේ පිහිටි, Megamax Technology ( 011 2386767 ) ආයතනයෙන් මිලට ගත හැක.
මුලින්ම ඔබ සපයාගත් Network Cable එක මගින් ඔබගේ DVR එක Internet Router එකට සවිකර ගන්න. ඉන්පසු DVR එක ON කර, oba කැමති Username , Password ලබාදී DVR එක නැවත සකසා ගන්න. දැන් ඔබ කලයුත්තේ ඔබගේ DVR එකේ ID Number එක සොයා ගැනීමයි. ඒ සදහා DVR එකේ Network Setup තුලට පිවිසෙන්න. දැන් පහත පරිදි Esee යන්න ඉදිරියෙන් ඇති කොටු Click කර හරි සලකුණ යොදන්න.ඉන් පසු පහලින් OK කර Network Setup වලින් ඉවත් වන්න.
දැන්,නැවත Network Setup වලට පිවිසෙන්න. එවිට ඔබට පහත පරිදි ESee යන්න ඉදිරියෙන් ඉලක්කම් 9 යුතු අංකයක් දැකිය හැකි වනු ඇත. ඔබගේ DVR එකේ ID Number එක වන්නේ එම අංකයයි.
ඔබට CCTV කැමරා පද්ධතියේ දර්ශන නැරබිය හැකි වන්නේ Internet Explorer වෙබ් බ්‍රවුසරයෙන් පමණි. දැන් ඔබ CCTV දර්ශන නැරබිමට අවශ්‍ය Computer එකට ගොස් මෙම , www .e-seenet .com නම් වූ ESee DVR එකේ වෙබ් අඩවියට පිවිසෙන්න. ඉන්පසු පහත පරිදි Log වන්න.
සුළු වෙලාවකින් පසු, ඔබගේ CCTV කැමරා පද්ධතියේ දර්ශන ඔබට නැරබිය හැකිවනු ඇත.
ඔබ භාවිතා කරන්නේ Google Chrome වෙබ් බ්‍රවුසරය නම්, Internet Explorer ටැබ් එකක් Google Chrome වෙබ් බ්‍රවුසරයේ ස්ථාපිත කරගන්න. එය ස්ථාපනය කරන ආකාරය පහත ලින්ක් එකෙන් ගොස් බලන්න.
http://www.hr.az.gov/hris/PDF/ notices/IE_Chrome.pdf
CCTV කැමරා පද්ධතියේ දර්ශන Mobile Phone එකෙන් බැලීම.
ඔබ භාවිතා කරන්නේ Google Chrome වෙබ් බ්‍රවුසරය නම්, Internet Explorer ටැබ් එකක් Google Chrome වෙබ් බ්‍රවුසරයේ ස්ථාපිත කරගන්න. එය ස්ථාපනය කරන ආකාරය පහත ලින්ක් එකෙන් ගොස් බලන්න.
http://www.hr.az.gov/hris/PDF/
CCTV කැමරා පද්ධතියේ දර්ශන Mobile Phone එකෙන් බැලීම.
ඔබගේ CCTV කැමරා පද්ධතිය, අන්තර්ජාලයට සම්බන්ධ කර තිබෙන අවස්ථාවන්හිදී, එම දර්ශන නවීන Mobile Phone වලින්ද නරබිමේ පසුකම දැන් ඔබට ඇත. පහත සදහන් Mobile Phone භාවිතා කරමින් එම පහසුකම ලබාගත හැක.
Android , Iphone ,Blackberry
සෑම DVR එකක් මිලදී ගැනීමේ දීම Software CD එකක් ද අපට ලැබෙන අතර, ඒ ඒ Mobile Phone වලට Support කරන Software, එම CD එකෙහි ඇත. එම CD එක මගින් තමන්ගේ Mobile Phone එකට ගැලපෙන software එක Mobile Phone එකට Install කර ගන්න. උදාහරයක් ලෙස, Mobile Phone View සදහා භාවිතා කරන ඉතා ජනප්‍රිය Software එකක් වන TMeye Software එක තුලින් Mobile Phone View සදහා පිවිසෙන ආකාරය ඉදිරිපත්කර ඇත.
Software එක Install කරගැනීමෙන් අනතුරුව, Software එක open කරගන්න.

ස්වල්ප වෙලාවකින්, CCTV කැමරා පද්ධතියේ දර්ශන Mobile Phone එක තුලින් නැරබිය හැක.
Megamax Technology,
No.86,
First Cross Street,
Colombo 11.
Tel. 011 2386767
Pettah Computers,
No.100/22,
Mumthaz Mahal,
First Cross Street,
Colombo 11.
Tel. 011 2395677
උපකරණ සහ උපාංග ලබාගත හැකි ස්ථාන.
Megamax Technology,
No.86,
First Cross Street,
Colombo 11.
Tel. 011 2386767
Pettah Computers,
No.100/22,
Mumthaz Mahal,
First Cross Street,
Colombo 11.
Tel. 011 2395677

No comments:
Post a Comment