ආඩූයිනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් ප්‍රෝග්‍රෑම් කිරීම - 09 පාඩමෙන් මම ඔබට ඉදිරිපත් කලා, Blink වැඩසටහනේ කාලය වෙනස් කරමින්, Arduino Board එක මත ඇති කහ පැහැති Led බල්බය දැල්වී තිබෙන කාලය සහ නිවී තිබෙන කාලය වෙනස් කරන ආකාරය. මම අද ඔබට ඉදිරිපත් කරන්නේ Arduino Board එක මත ඇති කහ පැහැති Led බල්බයට අමතරව පිටතින් Led බල්බයක් සවි කර දල්වන ආකාරයයි. පහත රුපයේ ආකාරයට Arduino Board එකේ GND පින් එක Led බල්බයේ (-) පින් එකට සවි කරන්න. එසේම Arduino Board එකේ 13 වන පින් එක 1K රෙසිස්ටරය හරහා Led බල්බයේ + පින් එකට සවි කරන්න. දැන් Arduino Board එක USB කේබලය මගින් පරිගණකයට සවි කරන්න. ඔබ ලබා දුන් කාලය අනුව Led බල්බය දැල්වෙන සහ නිවෙන කාලය නිරීක්ෂණය කරන්න.


