අද මම ඔබට ඉදිරිපත්කරන්නේ, වෙසක් උත්සවයේ විදුලි සැරසිලි සදහා වුවද භාවිතා කල හැකි 2 Way Led Display පරිපථයකි. මෙම පරිපථය Led බල්බ 12 කින් සහ ඔබට ඉතා හුරු පුරුදු NE 555 සහ CD 4017 IC උපාංග වලින් සමන්විත වනවා. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. 500k ඕම්ස් Preset එක මගින් බල්බ දැල්වෙන වේගය පාලනය කල හැකි වන අතර, පරිපථයේ පෙන්වා ඇති Reset ස්විචය මගින් පරිපථය Reset කල හැක.

