අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතා සරල ඉන්වර්ටරයක් සාදාගන්නා ආකාරයයි. එනම් මෙම පරිපතයට කාර් බැටරියකින් හෝ රිචාජබල් බැටරියකින් 12 v ලබාදුන් විට, 230v ලබාගන්න පුළුවන්.මෙය ඉතා අඩු උපාංග ගණනකින් යුතු පරිපථයක් නිසා ඔබට ඉතා පහසුවෙන් සාදාගන්න පුළුවන්. මෙම පරිපථයේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ,සාමාන්‍යයෙන් ඉන්වර්ටර් පරිපත සදහා විශේෂයෙන් සකසන ලද Step Up ට්‍රාන්ස්ෆෝමර්ස් භාවිතා කලද මෙම පරිපථයේ, සාමාන්‍ය 12v Step Down ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කර තිබීමයි.තවද මෙම පරිපථය 2 N 3055 Power Transistor දෙකක් පාදක කරගෙන නිර්මාණය වී ඇත.
අවශ්‍ය උපාංග.
R1 සහ R2 - 100 Ohms, 10 Watt Wire Wound රෙසිස්ටර්
R3 සහ R4 - 15 Ohms, 10 Watt Wire Wound රෙසිස්ටර්
T1 සහ T2 - 2 N 3055 ට්‍රාන්සිස්ටර්
12 v, 5 Amp Full wave ට්‍රාන්ස්ෆොර්මර් - 01
12v, ඇම්පියර් 32 හෝ ඊට වැඩි කාර් බැටරියක් හෝ රිචාජබල් බැටරියක්.
R3 සහ R4 - 15 Ohms, 10 Watt Wire Wound රෙසිස්ටර්
T1 සහ T2 - 2 N 3055 ට්‍රාන්සිස්ටර්
12 v, 5 Amp Full wave ට්‍රාන්ස්ෆොර්මර් - 01
12v, ඇම්පියර් 32 හෝ ඊට වැඩි කාර් බැටරියක් හෝ රිචාජබල් බැටරියක්.
Wire Wound රෙසිස්ටර් යනු කුමක්ද කියා ඔබට සමහර විට ගැටළුවක් වී ඇති. සාමාන්‍යයෙන් රෙසිස්ටර්,නිෂ්පාදනය කිරීමේදී, කාබන් රෙසිස්ටර් සහ වයර් වවුන්ඩ් රෙසිස්ටර් යනුවෙන් වර්ග දෙකකට බෙදේ. Wire Wound රෙසිස්ටරයක් යනු, Ceramic Rod එකක් මත ප්‍රතිරෝධක තාවයකින් යුතු සිහින් කම්බියක් ඔත සාදන ලද රෙසිස්ටර් වේ. එනම් එම කම්බියේ දෙකෙළවර ,රෙසිස්ටරයේ දෙකෙළවර වේ. ඔබගේ පහසුව සදහා Wire Wound රෙසිස්ටර් කිහිපයක සාමාන්‍ය පෙනුම පහතින් ඉදිරිපත් කර ඇත.
මෙම පරිපථයේ ඇති 2 N 3055 ට්‍රාන්සිස්ටර් ඔබ මිලට ගත් විට, එහි ඇත්තේ පාද දෙකක් පමණක් බව ඔබට පෙනුනද, මෙහි තුන්වන පාදය ලෙස ක්‍රියා කරන්නේ, මෙම ට්‍රාන්සිස්ටරයේ බද (Body) කොටසයි. මෙම ට්‍රාන්සිස්ටරයේ පාද තුන හදුනා ගන්න ආකාරය පහත රුප වලින් ඔබට අවබෝධ වනු ඇත.
තවද මෙම පරිපථය ක්‍රියාකිරිමේදී 2 N 3055 ට්‍රාන්සිස්ටර් රත්වන හෙයින් ට්‍රාන්සිස්ටර් දෙක සදහා අනිවාර්යයෙන්ම Heat Sink යෙදිය යුතුයි. Heat Sink යොදන විට ට්‍රාන්සිස්ටරයේ Base සහ Emitter පාද වල නොගැවෙන ලෙස Heat Sink සවිකිරීමට ඔබ වග බලා ගත යුතුවේ. Collector පාදය ට්‍රාන්සිස්ටරයේ Body එක වන නිසා ට්‍රාන්සිස්ටර් දෙක සදහා වෙන වෙනම Heat Sink සවිකිරීමද අනිවාර්ය අංගයක් වේ.








