Thursday, June 28, 2018

ස්පර්ශ සංවේදී ස්විචයක් සාදමු...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතා සරල ස්පර්ශ සංවේදී ස්විචයක පරිපථයක් තමයි. මෙම පරිපථය NE 555 IC උපාංගයක් පාදක කරගෙන නිර්මාණය වී තිබෙන අතර මෙම පරිපථය සදහා වෝල්ට් 5 1සිට වෝල්ට් 15 දක්වා වෝල්ටීයතාවයක් ලබා දිය හැක. පරිපථයට විදුලිය සපයා පරිපථයේ ඇති Touch Plate දෙක ස්පර්ශ කල විට බසරයෙන් නාදයක් නිකුත්වේ. මෙම පරිපථයේ බසරය වෙනුවට එම ස්ථානයට රිලේ උපාංගයක් සවිකර රිලේ උපාංගය හරහා විදුලි උපකරණයක් වුවද ක්‍රියාත්මක කල හැක.