Saturday, June 30, 2018

පාපැදියටත් ඩයිනමෝවෙන් වැඩකරන Led විදුලි පහන් පද්ධතියක්...


අද මම ඔබට තවත් අලුත් දෙයක් අරගෙන ආවා. ඒ තමයි, පාපැදි සදහා ඩයිනමෝවෙන් වැඩකරන Led විදුලි පහන් පද්ධතියක් සාදාගන්න ආකාරය. පාපැදියේ Head Light එක සදහාත්, Tail Light එක සදහාත් Power Led දෙකක් භාවිතා කරන්න පුළුවන්. ඔබ මේ සදහා සාමාන්‍ය Led භාවිතා කරනවා නම් පරිපථයේ පහතින් පෙන්වා ඇති ආකාරයට සාමාන්‍ය Led 15 ක් සමාන්තරගත ලෙස සවිකර ගත යුතු වනවා.

 අවශ්‍ය උපාංග.

D11N4007
D21N4007
D31N4007
C11,000 .. 10,000uF @ min.4V
LED1White Power LED (Luxeon, Cree..)
LED2Red Power LED or min.15x SMD-LED

Thursday, June 28, 2018

ස්පර්ශ සංවේදී ස්විචයක් සාදමු...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතා සරල ස්පර්ශ සංවේදී ස්විචයක පරිපථයක් තමයි. මෙම පරිපථය NE 555 IC උපාංගයක් පාදක කරගෙන නිර්මාණය වී තිබෙන අතර මෙම පරිපථය සදහා වෝල්ට් 5 1සිට වෝල්ට් 15 දක්වා වෝල්ටීයතාවයක් ලබා දිය හැක. පරිපථයට විදුලිය සපයා පරිපථයේ ඇති Touch Plate දෙක ස්පර්ශ කල විට බසරයෙන් නාදයක් නිකුත්වේ. මෙම පරිපථයේ බසරය වෙනුවට එම ස්ථානයට රිලේ උපාංගයක් සවිකර රිලේ උපාංගය හරහා විදුලි උපකරණයක් වුවද ක්‍රියාත්මක කල හැක. 


Wednesday, June 27, 2018

පරිගණක සදහා ඕනෑම ඩ්‍රයිවර් එකක් ලෙහෙසියෙන්ම සොයාගන්නේ මෙහෙමයි...


අද මම ඔබට අරගෙන ආවේ වටිනාකම කියල නිම කරන්න බැරි දෙයක්..ඔබගේ පරිගණකය Fomat කරන්න සිදුවුණු අවස්ථාවක පරිගණකයට අදාල Drivers ඔබ ලග නැත්නම් ඔබ අනිවාර්යෙන්ම අපහසුතාවයට පත්වනවා..ඒවගේම එම Drivers සොයාගන්න ඔබට ලොකු වෙහෙසක් දැරීමට සිදුවනු ඇති. ඉතින් ඔබට අවශ්‍ය ඕනෑම Driver එකක් ඉතා පහසුවෙන් Download කරගන්න පුළුවන් Software එකක් මම අද ඔබට හදුන්වා දෙනවා. මේකේ නම තමයි, 3DPCHIP. තවත් ඔබට කියන්නම ඕන දෙයක් තමයි, මේ Software එක ඔබ භාවිතා කරන සෑම  අවස්ථාවකම ඔබ අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා ඉන්න ඕන. පහත Link එකෙන්  ඔබට මේ සදහා ඇතුළුවන්න පුළුවන්.





Sunday, June 24, 2018

රයිස් කුකරයක් භාවිතා කිරීමේදී ඔබ දැනගත යුතු දෑ...


(1) රයිස් කුකරයේ අදාල බර ප්‍රමාණයට ගලපෙනේ ලෙස එයට සහල් එක්  කල යුතුවේ.(2)රයිස් කුකරයට විදුලිය සැපයීම සදහා 5A හෝ 15A කෙවෙනි භාවිතා කලයුතුවේ.වොට් 750 හෝ වොට් 1000 රයිස් කුකරයක් භාවිතා කරන්නේ නම් එයට විදුලිය සැපයීම සදහා 5A කෙවෙනියක් සහ 5A පේනුවක් ප්‍රමනාවත්වේ.ඔබ වොට් 1500 රයිස් කුකරය භාවිතා කරන්නේ නම්,එයට විදුලිය සැපයීම සදහා 15A කෙවෙනියක් සහ 15A පෙනුවක් භාවිතා කිරීම අනිවාර්යෙන්ම කල යුතුවේ.(3)රයිස් කුකරය ස්වයන්ක්‍රියව Off වන බැවින් එහි ක්‍රියාකාරිත්වය පිලිබදව දැඩි අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය නොවේ.(4)රයිස් කුකරය විදුලියට සම්බන්ධ කර ඇති අවස්ථාවලදී එය ඇල්ලීමට හෝ ඇත පත ගෑමෙන් වැලකී සිටිය යුතුය.(5)රයිස් කුකරය භාවිතා කිරීමේදී එය බිත්තියෙන් අඩියක් පමණ ඈතින් සිටින සේ තබා භාවිතා කල යුතුවේ.(6)අකුණු ගසන අවස්ථාවලදී අනිවාර්යෙන්ම රයිස් කුකරය භාවිතා කිරීමෙන් වැලකි සිටිය යුතුවේ.(7)රයිස් කුකරයට විදුලිය සැපයීම සදහා අනිවාර්යෙන්ම කූරු තුනේ පේනුවක් (3 Pin Plug ටොප්) භාවිතා කලයුතුවේ.

Simple Lamp Dimmer or Fan Regulator Circuit...



Tuesday, June 19, 2018

Memory Card වල ඇති දත්ත Recover කල නොහැකිසේ මකා දමන්න ක්‍රමයක්....


මේ සදහා යොදා ගත යුත්තේ Disk Wipe වැඩසටහනකි. මෙවැනි Disk Wipe වැඩසටහන් බොහොමයක් පවතින අතර, Disk Wipe නමින්ම නොමිලේ ලබා ගත හැකි Software එකක් පවතී. ම විසින් පහතින් දක්වා ඇති ලින්ක් එකෙන් එම වෙබ් අඩවියට පිවිස එය Download කරගෙන ක්‍රියාත්මක කල හැක. එමගින් Memory Card වල ඇති දත්ත Recover කල නොහැකිසේ මකා දැමිය හැක. 

Saturday, June 16, 2018

ඉතා සරල Motor Speed Controller එකක් සාදමු...


ඉතින් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතා සරල  Motor Speed Control පරිපථයක්. මෙය LM 2941CT  IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර, මෙම පරිපථයට ඇම්පියර් 1 ක ධාරාවකින් යුත් 12v වෝල්ටීයතාවයක් ලබාදිය යුතු වනවා. මෙම පරිපතයට සවිකරන මෝටරය සදහා DC 12v වලින් ක්‍රියා කරන මෝටරයක් සවිකර ගත හැක. පරිපථයේ R1 සහ R2 ලෙස දක්වා ඇත්තේ Variable Resistor දෙකක් වන අතර, පරිපථයට විදුලිය සපයා, R1 මගින් මෝටරය ක්‍රියාකළ යුතු අවම වේගය සකසා තබන්න. ඉන්පසු R2 මගින් මෝටරයේ වේගය අඩු වැඩි කල හැක. LM 2941CT  IC උපන්ගයේ සාමාන්‍ය පෙනුම පහතින් ඉදිරිපත් කර ඇත.

Friday, June 15, 2018

VGA කාඩ් එකේ දෝෂ සහ ඒවා විසදාගන්නා ආකාරය...


VGA කාඩ් එක හෙවත් විඩියෝ කාඩ් එකේ මතුවන සියලු දෝෂ කෙළින්ම පෙන්වන්නේ පරිගණකයේ මොනිටරය මගිනුයි. ඒම නිසා , දෝෂ සොයා ගැනිම ආරම්භ කරන්න ඕන මොනිටරය හොද තත්වයේන් තියේනවද කියල බලලයි. මොකද , මොනිටරය වැඩ කරන්නේ නැත්නම් , මොනිටරය මගින් පෙන්වන විඩියෝ කාඩ් එකේ දෝෂ ගැන දැන ගන්නේ කොහමද ?

ඒ වගේම VGA කාඩ් එක කිව්වත් , විඩියෝ කාඩ් එක කිව්වත් , කිසිම ප්‍රශ්ණයක් නැ. නම් 2ම කියන්නේ , එකම දෙයකටයි. VGA කියන එකේ තේරුම තමයි Video Graphics Array කියන්නේ.



* මොනිටරයට විදුලි බලය ලැබෙනවද ??

මොනිටරය වෙත විදුලි බලය ලබා දෙන Power Cable එක නිසි පරිදි සවි වි ඇත්දැයි බලන්න. එසේ සවි වි ඇතත් , ඇතම් විට එය ඇතුලතින් කැඩි තිබිය හැකි බැවින් System Unit එකට බලය ලබා දෙන කේබල් එක තාවකාලිකව මොනිටරයට සවි කර බලන්න. එහිදි මොනිටරයට විදුලිය ලැබේ නම් දෝෂය ඇත්තේ කේබල් එකේ වේ. ඒම නිසා , ඒම කේබල් එක මාරු කරන්න. එමෙන්ම මොනිටරය වෙත සිග්නල් ලබා දෙන , VGA කේබල් එකද හොදින් සවි වී ඇත්දැයි බලන්න. ( නමුත් , සමහර වෙලාවට දැන් එන මොනිටර වලට නම් , - එකේ කේබල් එක සවි කරන්න බැ. ඉතින් එහම වුනෝඅත් නම් කරන්න දේයක් නැ. )

 * මොනිටරයේ දිප්තිය ඕනැවට වඩා අඩු කර තිබේද ??

Analog මොනිටරයකදි නම් මොනිටරයේ පහලින් ඇති කුඩා රෝද වැනි කොටස් කරකවා , මොනිටරයක් ක්‍රියා විරහිත කර ඇති විටදි පවා , Brightness හා Contrast වෙනස් කල හැක. Analog වර්ගයේ මොනිටරයක් නම් මෙසේ Brightness හා Contrast වල වෙනස්කම් සිදුවි ඇත්දැයි බලන්න. ඇතම් විට නවින මොනිටරයක වුවද Brightness හා Contrast සැකසුම් වෙනස් විමේන් මෙවැනි දෝෂ ඇති විය හැක. මේ නිසා අදාල සැකසුම් නිවැරදිව අත්දැයි බලන්න.

 පරිගණයක මොනිටරයේ " Power " ලෙස පණිවිඩයක් පෙන්වනවද ??

පරිගණක මොනිටරයට විදුලිය ලැබෙන්නේ නම් " Power " යන වචනය ඇතුලත් පණිවිඩයක් මොනිටරයේ පෙන්වයි. මෙය , Attach Graphic Card Power හෝ No Power To Video Adapter ආදි ලෙසද පෙන්විය හැක. ඒනම් පරිගණකයේ PCI Express කාඩ් එකට හෝ AGA VGA කාඩ් එකට නිසි පරිදි විදුලිය නොලැබෙන බවයි. මේ කාඩ් සදහා විදුලිය ලබා දිමට වෙනමම කනෙක්ටරයක් ( Connector ) ඇත්නම් , එහි බුරුල් විමක් හෝ Power කනෙක්ටරයේ දෝෂයක් පැවතිය හැක. VGA Card එක සවි කරේ අලුතින් නම් , කේබල් එක සවි නොකර තිබෙන්නට පුලුවන. ඒ නිසා , එය සොයා සවි කරන්න.
එසේත් නැත්නම් Power Supply Unit එකේන් ලබා දෙන විදුලිය පරික්ෂා කරන්න. ඇතැම් අලුත් VGA Card , Power Supply Unit එකේන් වැඩි විදුලි බලයක් ගන්නවා. එවිට තුඩු 4ක Power Cable එක නොව , තුඩු 6ක විශේෂිත කේබල් එකක් ඇති Power Supply Unit එකක් ලබා ගත යුතුයි. එසේ නොමැති වුනෝත් , මේ පහල කියල තියේන වගේ දෝෂ මතු වෙන පුලුවන්.

  No Signal Displayed ? පණිවිඩය දිස්වේද ??

බොහෝ අලුත් මොනිටර වලට සිග්නල් නොලැබෙන අවස්ථා වලදි , No Signal Source හෝ Attach Video Signal වැනි දෝෂ පණිවිඩයක් ලබා දෙයි. මොනිටරය ON කර , System Unit එක ක්‍රියාත්මක කිරිමට කලින් , මෙවැනි පණිවිඩයක් දිස්විම සාමාන්‍ය දෙයකි. System Unit එක ක්‍රියාත්මක කල පසු , එය ඉවත් වේ. System Unit එක ක්‍රියාත්මක කිරිමේන් පසුවද , මෙම පණිවිඩය දිස්වේ නම් , VGA කේබල් එක බුරුල් වි තිබිය හැක. ඒය හොදින් සවි කර බලන්න.

විඩියෝ කේබල් ( VGA Cable ) එක හරියටම සම්බන්ධ වි තිබෙනවාද ??

VGA කාඩ් එකේන් සිග්නල් ලබා දෙන කේබල් එක සුළු ලෙස හෝ බුරුල් විමේන් , මොනිටරය වෙත සිග්නල් නොලැබේ. එම VGA කේබල් එක හොදින් තද කර බලන්න. VGA කේබල් එකේ System Unit එක සමග සම්බන්ධ වෙන කෙළවර , කරකවා තද කල හැකි ඇණ 2ක් තියේනවා. සමහර පිරිස් තමන්ගේ පහසුවට ඇණ 2ක නියම ආකාරයට කරකවා සවි කිරිම නොකලද , පේළි 3ක ඇති තුඩු 15ක VGA Cable එක හරියට හොදින් සම්බන්ධ විමට නම් , ඒම ඇණ 2ක අනිවාරේන්ම හොදින් තද කරන්න ඕන.
සමහර විට , VGA Cable එකේ තුඩු කැඩි හෝ නැමි තිබිම නිසාද මොනිටරයට සිග්නල් නොලැබිමට හැක. ඒම නිසා , VGA Cable එක හොදින් පරික්ෂා කර බලන්න. තුඩු කැඩි හෝ නැමි ඇත්නම් , අලුත් VGA Cable එකක් ගන්න වෙනවා.



මොනිටරය පරික්ෂා කරන්න.

VGA කේබල් එක නිසියාකාරව සම්බන්ධ කර තිබේ නම් , මොනිටරය වෙනත් System Unit එකකට සම්බන්ධ කර බලන්න. මෙහිදි , මොනිටරය හොදින් ක්‍රියාත්මක වේ නම් , දෝෂය පවතින්නේ මොනිටරයේ නොවන බව නිගමනය කල හැක. මොනිටරය , වෙනත් System Unit එකකට සම්බන්ධ කල විට , හොදින් ක්‍රියාත්මක වේ නම් , දෝෂය තිබේන්නේ ඔබේ System Unit එකේ වේ. ඒම නිසා , ඔබේ System Unit එකේ දෝෂය පරිගණක අලුත්වැඩියා කරන ආයතනයකට ලබා දි , සාදා ගත යුතු වේ.


 VGA කේබල් එකේ දෝෂ සහිත තුඩු තිබේද ??

VGA Cable එකේ කැඩි ඇති හෝ නැමි ඇති තුඩු ඇත්නම් , ඒවා මගින් මොනිටරය වෙත ලබා දෙන සිග්නල් වල විවිධ දෝෂ ඇති කරයි. කේබලය ඇතුලතින් රැහැන් කැඩි යාම නිසාද , මෙවැනි දෝෂ මතු විය හැක. එවැනි වෙලාවක තිබේන VGA කේබල් එක වෙනුවට , වෙනත් කේබල් එකක් යොදා පරික්ෂා කරන්න.

ඇතැම් මොනිටර වල , එම VGA කේබල් එක මොනිටරය වෙත සවි වි ඇති පැත්තද ගලවා , වෙනමම කේබල් එකක් සවි කල හැකි ආකාරයට සකස් කර ඇත. එහෙත් , බොහෝ මොනිටර් වල අදාල VGA කේබල් එකේ මොනිටරයට සවි වන කෙළවර , සවි වෙන්නේ ඇතුළතිනි. එවිට අදාල කේබල් එක සම්බන්ධ කර ඇති ඊයම් කොටස් , රත් කල බවුත් එකක් යොදා ගෙන ප්‍රවේසමේන් ගලවා , වෙනත් කේබල් එකක් යොදා බලන්න.
මෙම කාර්ය අපහසු නම් හෝ අදාල උපකරණ නොමැති නම් , ඉලේක්ට්‍රෝනික කාර්මිකයේකු මගින් එය කර ගත යුතුයි. 
මේ කරන්න තියේන්නේ පොඩි දේයක් කියල , ඔබ විසින් ඊයම් කොටස් ගලවන විට , කේබල් එකට හානි වුනෝත් මොකද කරන්නේ.. ඒ නිසා , හොදම දේ ඉලේක්ට්‍රෝනික කාර්මිකයේකු මගින් , මෙය අනිවාරේන්ම කරගන්න.

 * බීප් හඩක් ඇසේද ??

බයෝස් ( BIOS - Basic Input Output System ) නිෂ්පාදකයින් , දෝෂ හදුනා ගැනිමට එක් කරනු ලබන " බීප් " නාද , එක් එක් මවුපුවරුවෙන් මවුපුරුවට වෙනස් වුවත් , සාමාන්‍යයේන් VGA කාඩ් එකේ දෝෂයක් නම් " බීප් " නාද / හඩවල් 3ක් හෝ 9ක් එක දිගටම ඇසේනවා.

* VGA කාඩ් එක නිසි පරිදි සවි කර තිබෙනවාද ??

මොනිටරයට වෙත සංඥා ලබා දෙන VGA කාඩ් එක , එම ඇඩැප්ටරයට නිසි පරිදි සවි වි ඇත්දැයි බලා , එය නිවැරදි නොවේ නම් හොදින් සවි කරන්න. එය සවි ඇත්නම්ද , ගලවා අදාල කාඩ් එකේ සම්බන්ධකය හා ස්ලෝට් එක පිරිසිදු කර නැවත සවි කර බලන්න.

* RAM එක නිසි පරිදි සවි කර තිබේද ??

RAM මොඩියුල්ස් නිසි පරිදි සවි ඇත්දැයි බලන්න. ඒ කිව්වේ , RAM එක සම්බන්න්ධ කරන ස්ලෝට් එකට , ඒය හරියට සම්බන්ධ වෙල තියේනවද කියල බලන්න. RAM එක සවි කරගන්න , අර පොඩි කොටස් 2ක් දෙපැත්තේන් තියේනවනේ. අන්න , ඒ කොටස් 2යි , RAM එක සවි කරන ඒ කොටස හෙවත් ස්ලෝට් එකයි සෙමින් පිරිසිදු කර , නැවත RAM එක සවි කර බලන්න. එවිටද , දෝෂ සමනය විය හැක.

* බයෝස් තිරය ( BIOS Screen ) දිස් වේද ??

සාමාන්‍යයේන් පරිගණකයක් ක්‍රියාත්මක කල විගස , මුලින්ම දිස් වෙන්නේ බයෝස් වෙතින් ලබා දෙන තිරයයි. එසේ දිස් වෙන්නේ නම් බොහෝ විට , VGA Card කාඩ් එක නිසි පරිදි සවි වි ඇති බවත් , එය මුලික ක්‍රියාකාරකම් වලට ඕන ආකාරයේන් ක්‍රියාත්මක වන බවත් , ස්ථිර / තහවුරු කරගන්න පුලුවන්.
එම අවස්ථාවේ පරිගණකය ක්‍රියා නොකරයි නම් , වෙනත් කාඩ් එකක ක්‍රියාකාරිත්වය නිසි පරිදි නොතිබෙන්නට පුලුවන්.

 මොනිටරය මාරු කර බැලුවද ??

මොනිටර් එකේ දෝෂයක් ඇතැයි සිතේ නම් , ඒ වෙනුවට වෙනත් මොනිටරයක් යොදා බලන්න. එසේත් , නැත්නම් අදාල මොනිටරය වෙනත් System Unit එකකට සවි කර බලන්න. එහිදිද , මොනිටරය නිසි ආකාරව ක්‍රියා නොකරයි නම් , දෝෂය ඇත්තේ මොනිටර් එකේහිය. මෙහිදි , පරිගණක කාර්මික ශිල්පියේකු මගින්න් මොනිටරය අලුත්වැඩියා කරගන්න.

සමහර විට මොනිටරය අලුත්වැඩියා කරනවාට වඩා , අලුතින් මොනිටරයක් මිළදි ගැනිම ලාභදායක විය හැක. මොනිටරය පරණ එකක් නම් , නවින පන්නයේ මොනිටරයක් අලුතින් මිළදි ගැනිම වඩාත් සුදුසු වේ. වෙනත් System Unit එකකදි , මොනිටරය ක්‍රියාත්මක වේ නම් , දෝෂය ඇත්තේ VGA කාඩ් එකේ විය හැක. එවිට , VGA කාඩ් එක පමණක් එහි ඉතිරි කර , එය ක්‍රියාත්මක නොවේ දැයි බලන්න.

* කුමන හෝ උපාංගයක් අලුතින් සවි කරාද ??

පරිගණකයේ පෙන්වන දෝෂය හටගත්තේ , යම් ඇඩැප්ටරයක් / උපාංගයක් අලුතින් සවි කිරිමේන් අනතුරුව නම් , දෝෂය ඇත්තේ අදාල ඇඩැප්ටරයේ / උපාංගයේ විය හැක.
මෙහිදි දිය හැකි හොදම විසදුම වෙන්නේ , එය ගලවා , නැවත උත්සහ කර බලන්න කියලයි. මෙයද , අසාර්ථක නම් Motherboard එකට සවි කර ඇති Processor , RAM එක හා VGA කාඩ් එක පමණක් ඉතිරි කර අනෙකුත් කාඩ් හා Hard Disk වැනි උපාංග ගලවා , පරිගණකය ක්‍රියත්මක කර බලන්න.

* VGA කාඩ් එක පමණක් පරික්ෂා කරාද ??

අනෙකුත් සියලුම ඇඩැප්ටර ගලවා තැබු පසු බයෝස් ස්ක්‍රින් ( BIOS Screen ) එක වෙත පිවිස එහි සැකසුම් කරන මෙන් දක්වයි. මෙහිදි , අදාල බයෝස් සැකසුම් කල පසු , Hard Disk එකද ගලවා ඇති බැවින් , System Disk එකක් ඇතුලත් කරන ලෙස පණිවිඩයක් ලබා දෙයි. මෙහිදි , Hard Disk එක පමණක් සවි කර උත්සහ කර බැලිය හැක. පරිගණකය ක්‍රියා කරයි නම් , දෝෂය ඇත්තේ වෙනත් ඇඩැප්ටරයේය.

  අලුතින් VGA කාඩ් එකක් සවි කර බැලුවද ??

පරිගණකයේ දැනට ඇති VGA කාඩ් එක් ගලවා , වෙනත් VGA කාඩ් එකක් යොදා බැලිමෙන් දෝෂය තිබෙන්නේ කුමන VGA කාඩ් එකේද යන්න දැන ගත හැක.
මෙසේ කරන විටද , නිසි ක්‍රියාකාරිත්වය ලැබෙන්නේ නැත්නම් බොහෝ විට දෝෂය ඇත්තේ අදාල ස්ලෝට් එකේ විය හැක. මෙහිදි , වයින්ස්ප්‍රීට් හෝ ඇල්කොහොල් වැනි ද්‍රාවකයක් , සිනිදු කෙදි සහිත බුරුසුවකට යොදා , අදාල ස්ලෝට් එක පිරිසිදු කරන්න. එම උත්සහයද අසාර්ථක වේ නම් , PCI Express ස්ලෝට් එකකට , සවි වන වෙනත් VGA කාඩ් එකක් සවි කර බලන්න. එවිට AGP VGA ස්ලෝට් එක හෝ PCI Express ස්ලෝට් එක දෝෂ සහගත නම් , PCI VGA කාඩ් එක භාවිතා කල හැක.

මේ පහල රුපයේන් PCI Express හා AGP VGA පැහැදිලිව පෙන්වා තියේනවා.




 මේ පහල රුපයේ තියේන්නේ , අපි කවුරුත් දන්න VGA Cable එක තමයි.




 මෙහිදි System Unit එක ගැන කතා කල නිසා , System Unit එක ඇතුලේ තියේන උපාංග වල පිහිටිම පෙන්වන රුපයකුත් , මේ පහලින් දැම්මා.

 මේ කරුණු තමයි , VGA හෙවත් විඩියෝ කාඩ් එකට , VGA කේබල් එකට , මොනිටර් එකට අදාලව කියන්න තියේන්නේ.

Thursday, June 14, 2018

Touch Control Mute Switch Circuit...


ඉහත දැක්වෙන්නේ, ඇම්ප්ලිෆයරයක ශබ්දය On / Off  පරිපතයකි. පරිපථයේ Off සහ On යනුවෙන් සදහන් ස්ථාන වල ඇත්තේ Touch Plate දෙකකි. ඒවා ස්පර්ශ මගින් on / off කල හැක.BC 547 ට්‍රාන්සිස්ටරයේ Collector පාදය ඇම්ප්ලිෆයරයේ Volume Control එකේ මැද පාදයට සවි කරන්න.

Hybrid මෝටර් රථයක් පදවන ආකාරය...


Sunday, June 10, 2018

වාහන සදහා මියුසිකල් රිවස් හෝන් එකක් සාදමු...


අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, වාහන සදහා සවි කල හැකි රිවස් හෝන් එකක් සාදාගන්නා ආකාරයයි. මෙම පරිපථය ප්‍රධාන වශයෙන් UM 66 නාද උත්පාදක IC උපාංගයකින්ද, LM 7805 Regulator IC උපාංගයකින්ද, BEL 187 ට්‍රාන්සිස්ටරයකින්ද සමන්විත වනවා. BEL 187 ට්‍රාන්සිස්ටරය වෙළද පොලේ සොයා ගැනීමට නොහැකි නම්, එයට සමාන ට්‍රාන්සිස්ටරයක් වෙළද මහතාගෙන් ඉල්ලා සිටින්න. LM 7805 Regulator IC උපාංගය පරිපථය ක්‍රියා කිරීමේදී රත්වන බැවින්, එය සදහා Heat Sink එකක සවි කිරීම අනිවාර්යෙන්ම සිදුකල යුතුවේ. තවද ස්පීකරය සදහා ohms 8 කුඩා ස්පීකරයක් සවි කල හැක. වාහනයේ රිවස් ස්විචය හරහා පරිපථයට විදුලිය සැපයිය යුතු අතර, එවිට වාහනයේ රිවස් ගියරය දැමූ සැනින්, පරිපථය ක්‍රියාත්මක වනු ඇත.


Saturday, June 9, 2018

පරිගණක දෝෂ අලුත්වැඩියාව...


ඩෙස්ක්ටොප් තිරය මත සිටින විට Mouse එක ක්‍රියා නොකිරීම..

ඩෙස්ක්ටොප් තිරය මත සිටින විට Mouse එක අක්‍රීය වුවහොත්, ඔබ ඉමහත් අසීරුතාවයකට පත්වනු නොඅනුමානයි. පරිගණකයේ ඇති කිසියම් File එකක් බැලීමට නම්, එය Open කරගත යුතු අතර ඒ සදහා මුලින්ම එය Select කරගත යුතු වෙයි. Mouse එක ක්‍රියා නොකරන අවස්ථාවක ඒ සදහා අනුගමනය කල හැකි ක්‍රමෝපායන් කිහිපයක් වේ. ඒවා මෙසේය...

Start බට්න් එකේ පාට මදක් වෙනස් වන තෙක්ම Tab Key එක ඔබමින් සිටින්න. Start බට්න් එකේ පාට වෙනස් වූ පසු ඇරෝ Key Pad එකට අයත් Keys භාවිතයෙන්,ඩෙස්ක් ටොප් එක මත එහා මෙහා යාමට පුළුවන. ඒ අනුව Open   කර ගැනීමට අවශ්‍ය File එක මතට ගොස් Enter key එක ඔබන්න.එවිට File එක Open වනු ඇත.