ඩෙස්ක්ටොප් තිරය මත සිටින විට Mouse එක ක්‍රියා නොකිරීම..
ඩෙස්ක්ටොප් තිරය මත සිටින විට Mouse එක අක්‍රීය වුවහොත්, ඔබ ඉමහත් අසීරුතාවයකට පත්වනු නොඅනුමානයි. පරිගණකයේ ඇති කිසියම් File එකක් බැලීමට නම්, එය Open කරගත යුතු අතර ඒ සදහා මුලින්ම එය Select කරගත යුතු වෙයි. Mouse එක ක්‍රියා නොකරන අවස්ථාවක ඒ සදහා අනුගමනය කල හැකි ක්‍රමෝපායන් කිහිපයක් වේ. ඒවා මෙසේය...
Start බට්න් එකේ පාට මදක් වෙනස් වන තෙක්ම Tab Key එක ඔබමින් සිටින්න. Start බට්න් එකේ පාට වෙනස් වූ පසු ඇරෝ Key Pad එකට අයත් Keys භාවිතයෙන්,ඩෙස්ක් ටොප් එක මත එහා මෙහා යාමට පුළුවන. ඒ අනුව Open කර ගැනීමට අවශ්‍ය File එක මතට ගොස් Enter key එක ඔබන්න.එවිට File එක Open වනු ඇත.

No comments:
Post a Comment