(1) රයිස් කුකරයේ අදාල බර ප්‍රමාණයට ගලපෙනේ ලෙස එයට සහල් එක් කල යුතුවේ.(2)රයිස් කුකරයට විදුලිය සැපයීම සදහා 5A හෝ 15A කෙවෙනි භාවිතා කලයුතුවේ.වොට් 750 හෝ වොට් 1000 රයිස් කුකරයක් භාවිතා කරන්නේ නම් එයට විදුලිය සැපයීම සදහා 5A කෙවෙනියක් සහ 5A පේනුවක් ප්‍රමනාවත්වේ.ඔබ වොට් 1500 රයිස් කුකරය භාවිතා කරන්නේ නම්,එයට විදුලිය සැපයීම සදහා 15A කෙවෙනියක් සහ 15A පෙනුවක් භාවිතා කිරීම අනිවාර්යෙන්ම කල යුතුවේ.(3)රයිස් කුකරය ස්වයන්ක්‍රියව Off වන බැවින් එහි ක්‍රියාකාරිත්වය පිලිබදව දැඩි අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය නොවේ.(4)රයිස් කුකරය විදුලියට සම්බන්ධ කර ඇති අවස්ථාවලදී එය ඇල්ලීමට හෝ ඇත පත ගෑමෙන් වැලකී සිටිය යුතුය.(5)රයිස් කුකරය භාවිතා කිරීමේදී එය බිත්තියෙන් අඩියක් පමණ ඈතින් සිටින සේ තබා භාවිතා කල යුතුවේ.(6)අකුණු ගසන අවස්ථාවලදී අනිවාර්යෙන්ම රයිස් කුකරය භාවිතා කිරීමෙන් වැලකි සිටිය යුතුවේ.(7)රයිස් කුකරයට විදුලිය සැපයීම සදහා අනිවාර්යෙන්ම කූරු තුනේ පේනුවක් (3 Pin Plug ටොප්) භාවිතා කලයුතුවේ.

No comments:
Post a Comment