අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, වාහන සදහා සවි කල හැකි රිවස් හෝන් එකක් සාදාගන්නා ආකාරයයි. මෙම පරිපථය ප්‍රධාන වශයෙන් UM 66 නාද උත්පාදක IC උපාංගයකින්ද, LM 7805 Regulator IC උපාංගයකින්ද, BEL 187 ට්‍රාන්සිස්ටරයකින්ද සමන්විත වනවා. BEL 187 ට්‍රාන්සිස්ටරය වෙළද පොලේ සොයා ගැනීමට නොහැකි නම්, එයට සමාන ට්‍රාන්සිස්ටරයක් වෙළද මහතාගෙන් ඉල්ලා සිටින්න. LM 7805 Regulator IC උපාංගය පරිපථය ක්‍රියා කිරීමේදී රත්වන බැවින්, එය සදහා Heat Sink එකක සවි කිරීම අනිවාර්යෙන්ම සිදුකල යුතුවේ. තවද ස්පීකරය සදහා ohms 8 කුඩා ස්පීකරයක් සවි කල හැක. වාහනයේ රිවස් ස්විචය හරහා පරිපථයට විදුලිය සැපයිය යුතු අතර, එවිට වාහනයේ රිවස් ගියරය දැමූ සැනින්, පරිපථය ක්‍රියාත්මක වනු ඇත.



No comments:
Post a Comment